මාස හතකට පෙර අතුරුදන් වු වයස අවුරුදු 14 ක බාල වයස්කාර දැරියක් රත්නපුර, කලවාන පොලීසියට භාර වී තිබෙනවා.
ඒ වන විට ඇය හයමස් ගැබිනියක් බවට පත්ව සිටි බවයි පොලීසිය සඳහන් කළේ. තරුණයෙකු සමග ගත වු කාලය ජීවත් වු බවත් එම තරුණයා නිවිතිගල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඇය පොලීසිය වෙත පවසා ඇති බවද සඳහන්.
සිද්ධීයට සම්බන්ධ තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීයේ අවධානය යොමු වි ඇති අතර අසාධාරණයට ලක්ව සිටි තරුණිය සම්බන්ධයෙන් ගත හැකි ක‍්‍රියාමාර්ගය කුමක් දැයි යන්න පිළිබඳ පොලීසිය විමර්ශනයක නිරත වනවා.