-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගැනුම්කරුවන්ට ගණිකාවන් සැපයීමෙන් ත්‍රිරෝද රියැදුරෝ කෝටිපතියන් වෙති‍ පොලිස් සංඛ්‍යා‍ලේඛන අනාවරණය කරන ආකාරයට අනුව ගෙවී ගිය දස වසර තුළ ‍පොලීසිය කර ඇති වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන ඇති ගණිකාවන්ගේ ගණන විසි දහසකට වැඩිය. ඒ තුළින් මෙරට ගණිකාවන් විසි දහසක් සිටිනවා යැයි කියවෙන්නේ නැත. එක් ගණිකාව හතර පස් වතාවක් හෝ ඊට වැඩි වතාවක් මේ කාලය තුළ අත්අඩංගුවට පත්වීමත් ඒ සංඛ්‍යාවල සටහන්ව තිබෙන්නට පුළුවන. එය එසේ යැයි කියා විසි දහසක් යනු සුළුපටු ගණනක් නොවේ. ඇතැම් විට මේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ගණිකා වෘත්තියේ නිරතව සිටින සමස්ත කාන්තාවන්ගෙන් සියයට දහයක දොළහක පිරිසක් වීමටද පුළුවන. ඒ අනුව කොතරම් පිරිසක් ගණිකා වෘත්තියේ නිරතව සිටීදැයි නිශ්චිතව ගණනය කිරීම දුෂ්කරය.
ඒ ගැහැනු ගණිකාවන් ගැනය. ‍පොලීසිය පිරිමි ගණිකාවන්ද දහසකට වැඩි පිරිසක් ඒ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ. අද සමාජයේ පිරිමි ගණිකාවන් සම්බන්ධයෙන්ද යම් ආකර්ෂණයක් ඇතිවෙමින් තිබෙන බව ‍පොලිස් තොරතුරු අනාවරණය කරන කරුණකි. පිරිමි ගණිකාවන් සඳහාම වෙන්වූ ගණිකා නිවාස පවා අද වන විට බිහිවී ඇති අතර රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් ලෙස පිටකෝට්ටේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය එවන් පිරිමි ගණිකා නිවාසයක් පවා මෑතකදී ‍පොලීිසිය වටලා තිබිණි.
ගණිකා වෘත්තියේ නිරතවන්නන්ට එරෙහිව ‍පොලීසිය  ක්‍රියාත්මක වන්නේ 1889 අංක 05 දරන ගණිකා නිවාස ආඥාපනත සහ පාදඩයන් පිළිබද ආඥාපනතට අනුවය. ඒ අතරින් ගණිකා නිවාස ආඥාපනත 1943 වසරේදී සංශෝධනයට ලක්ව ඇත. ඊට අනුව ගණිකා නිවාසයක් පවත්වාගෙන යන අයට, කළමනාකරුවන්ට, ගණිකා වෘත්තියේ යෙදෙන්නන්ට හා ගණිකා නිවාස සඳහා නිවසක් හෝ ගොඩනැගිල්ලක් කුලියට දෙන්නන්ට එරෙහිව ක්‍රියාත්මක විය හැකිය. එකී පනතට අනුව යමෙකු වරදකරු වූ විට දඩය නියම වී ඇත්තේ රුපියල් 500ක් ලෙසිණි. නමුත් 2005 අංක 12 දරන දඩ මුදල් වැඩිකිරීමේ පනතින් ඒ දඩ මුද‍ලේ ප්‍රමාණය රුපියල් 50,000 දක්වා ඉහළ දැමීය. නමුත් එය වලංගු වන්නේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යන්නන්ට මිස ගණිකා වෘත්තියේ නිරතව සිටින්නන්ට නොවේ. 
‍පොලීසිය ගණිකා වෘත්තියේ යෙදෙන්නන්් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ පාදඩ ආඥා පනත යටතේය. පාදඩ ආඥා පනත යටතේද සැබෑ ලෙසම ක්‍රියාත්මක විය හැක්කේ වීථි ගණිකාවන් සම්බන්ධයෙන් පමණි. ඒ ඇය නගරයක හෝ මහමග රැඳෙමින් ඉඟිබිඟි පාමින් අදාළ කටයුත්තට කරන ආයාචනාවන් සම්බන්ධයෙනි. ඊට දඩය රුපියල් සියයක් තරම් වූ සොච්චම් මුදලකි. මේ අනුව පාදඩ ආඥා පනත ගණිකාවන් සම්බන්ධයෙන් වර්තමානයේ කොතරම් දුරකට ගැළපෙන පනතක්දැයි ඇත්තේ ගැටලුවකි. එය අද වන විට යල් පැන ගිය එකක් බව පෙනේ.
ගණිකා නිවාස පවත්වාගෙන යන්නවුන්ද නීතියට කිසිදු බියක් දක්වන බවක් නොපෙනේ. ඒ නීතිය ක්‍රියාත්මක කරන්නට සිටින තරුපටි පැළඳි නිලධාරීන්ගේ මන දොළද ඔවුන් සිය ගණිකාවන් මගින් සපුරන්නට වූ බැවිනි. අනික ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමේ වරදට දඩය එකල රුපියල් 500ක් වැනි සුළු මුදලක් වූ බැවින් ගණිකා නිවාස පවත්වාගෙන යන්නට කිසි විටකත් ජාවාරම්කරුවන් බියක් දැක්වූවේ  නැත.
‍පොලිස් තොරතුරු අනාවරණය කරන ආකාරයට අනුව මෙරට මතෛක් පැවැති සුපිරිම ගණිකා නිවාසය වූයේ ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලෙහි ජිනා මැඩම් නම් කාන්තාව විසින් පවත්වාගෙන ගිය බව කී ගණිකා නිවාසයය. ඇයද ගණිකාවක් ලෙස තැන තැන සේවය කර පසුව ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලෙහි කාමරයක් කුලියට ගෙන මෙම නිවාසය ආරම්භ කළ බව පැවැසුණි. සුරූපී තරුණියන් කිහිප දෙනකුගෙන් පටන් ගන්නා ගණිකා ජාවාරම අවසානයේදී රුසියානු ඇතුළු විදේශීය ගණිකාවන් සපයන ස්ථානයක් බවට පත්වන්නේ ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලෙහි සුපිරි නිවාස කිහිපයක් ඇතුළු කොළඹ නිවාස රැසක ඇය හිමිකාරිනියක් බවටද පත්වෙමිනි. ඇගේ ගණිකා නිවාසයට නිතර ආගිය අය අතර මැති ඇමැතිවරුන්ද, ‍පොලීසියේ ඉහළ නිලධාරීන්ද, සෙසු ආරක්ෂක අංශවල ප්‍රධාන නිලතල දැරූවන්ද, රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ද සිටි බව අනාවරණය විය. ඒ නිසාම එම ගණිකා නිවාසයට අත තබන්නට ‍පොලීිසිය පවා බිය වී සිටියත් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන බළකාය ඒ ස්ථානය වටලා එය වසා දමන්නටම වග බලා ගත්තේය. 
අනුමාන කරන ආකාරයට අනුව  කොළඹ ඇති ගණිකා නිවාස ගණන සිය ගණනකි. පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා මුළු රටේම ඇති ගණිකා නිවාස ගණන බැලුවොත් දහස ඉක්මවනු ඇතැයි අනුමාන කළ හැකිය. එම ගණිකා නිවාස බොහොමයක් පවත්වාගෙන යන්නේ ලොකු ලොකු සම්බන්ධකම් ඇතිවය. 
නීතියෙන් බේරීමට ඒ ඇතැම් ගණිකා නිවාස පිටතින් පෙනෙන්නට ඇත්තේ  සම්බාහන ආයතන ලෙසිනි. ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති ලෙස ඒ ඇතැම් සම්බාහන ආයතන පවත්වාගෙන යාම විශේෂිතය. සම්බාහන ආයතන මුවාවෙන් කෙරෙන ගණිකා නිවාස මෙන්ම රූපලාවන්‍යාගාර මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා නිවාස ද නැත්තේම නොවේ. ඒවා තුළ විකිණෙන්නේ නිරූපිකාවන්ය. නැතිනම් නිළියන්ය. රාත්‍රී සමාජ ශාලාද, කැරොකෝ අවන්හල් ද, කැසිනෝ ශාලාද තුළ  ගණිකා ජාවාරම් ජයට සිදුවන බව තතු දන්නෝ පවසති. පසුගිය කාලයේ ‍පොලීසිය එවන් ස්ථාන පවා වටලා ගණිකාවන් අත්අඩංගුවට ගත්තද දැන්නම්  කැසිනෝ ශාලා පැත්ත පළාතේ ‍පොලීසිය යන්නේ නැති බව පැවැසේ. ඒ තැන් පාලනය කරන්නේ බලවතුන් වන බැවිනි.
ඒ අකාරයෙන්  විවිධ ස්වරූපයන් ගනිමින් ක්‍රියාත්මක ගණිකා ජාවාරමේ තවත් අලුත් මුහුණුවරක් වන්නේ  ජංගම ගණිකා ජාවාරමය. ඒ ස්ථිර ස්ථානයක නැතිනම් ගොඩනැගිල්ලක ගණිකාව තබා නොගෙන වාහනයකින් ඔවුන්ව ගනුදෙනුකරු වෙත රැගෙන ගොස් වෙළෙඳාම් කිරීමය. කාලයක් පටන් පැවැති මේ ජංගම ගණිකා ජාවාරම ව්‍යාප්ත වන්නේ ගණිකා නිවාස දඩය වැඩි වීමත් ‍පොලීසිය වැඩි වශයෙන් ගණිකා නිවාස වටලන්නට ගැනීමත් හේතුවෙනි. 
තතුදත් තොරතුරු අනාවරණය කරන ආකාරයට අනුව කොළඹ නගරයේ පමණක් ජංගම ගණිකා ජාවාරම් කරන කණ්ඩායම් දහයක් පමණ සිටිති. සුඛෝපභෝගී මෝටර් රථ, වෑන් රථ ආදිය ඒ සඳහා යොදා ගන්නා කණ්ඩායම් ඒ අතර සිටින බව හෙළිවී ඇත.
රාත්‍රී හත අට වන විට ගණිකාවන් එම රථවලට ගොඩකරගන්නා ජාවාරම්කරුවන් රාත්‍රිය පුරාම ඒ අය රැගෙන සැරිසරන්නේ කොළඹ නගරයේ තෝරාගත් මාර්ග කිහිපයකය. ඒ අතර කොල්ලුපිටිය ,ඩුප්ලිකේෂන් පාර , බම්බලපිටිය මෙන්ම කොළඹ කොටුව විශේෂිතය.
මෙම ජංගම ගණිකා නිවාසයෙන් ගණිකාවක් ඇණවුම් කළ යුත්තේ දුරකථන ඇමතුමකිනි. නමුත් දුරකථනයෙන් කථාකරන සෑම අයෙකුටම ගණිකාවන් සැපයෙන්නේ නැත. එක්කෝ ඔහු ස්ථීර සේවාදායකයකු විය යුතුය. නැතිනම් විශ්වාසවන්ත සේවාදායකයකු මාර්ගයෙන් ගණිකාවක් ඉල්ලුම් කළ යුතුය. බොහෝවිට මේ විශ්වාසවන්ත අය ත්‍රිරෝද රථ රියැදුරන්ය. නැතිනම් ඒ නව ගැනුම්කරුට ගණිකාවක් සැපයෙන්නේ නම් ඔහු ‍පොලිස් ඔත්තුකරුවෙකුදැයි සොයා බලනු ඇත. ඒ සඳහා ඔවුන්ටම වෙන්වූ ක්‍රියාවලියක්ද තිබිම විශේෂිතය. 
එසේ ගණිකාවක් ඉල්ලුම් කළ පුද්ගලයාට තමන් කැමති ගණිකාවක් තෝරාගන්නට ද අවකාශ තිබේ. ඒ ඔවුන් පවසන යම් තැනකට ගැනුම්කරු කැඳවා මෝටර් රථයේ සිටින කාන්තාවන් පෙන්වාය. එය සිදුවන්නේ මෝටර් රථයේ වීදුරුවක් පමණක් පහත් කරමිනි. මෝටර් රථයට ගොඩවන්නට ගැනුම්කරුට කිසිදු ඉඩක් නැත.
තෝරාගත් ගණිකාව වෙනුවෙන් මුදල් ගෙවන්නේ අනතුරුවය. සාමාන්‍යයෙන් රුපියල් 8000 සිට රුපියල් 15000 දක්වා එම මුදල වෙනස් විය හැකිය. ඒ ගණිකාව සමග ගත කරන කාලයටසාපේක්ෂවය.
මේ ගාණට ගණිකාව සමග සිටීමට සුදුසු තැන තීරණය කරන්නේද ජාවාරම්කරුවන්ය. ඒ මුදල් ගෙවීමෙන් පසුය. එහිදී ගැනුම්කරු ජාවාරම්කරු සඳහන් කරන නවාතැන් ‍පොළකට ගොස් කාමරයක් වෙන්කර ගත යුතුය. ඒ ස්ථාන  මේ සඳහාම කාමර වෙන් කරන තැන්ය. ඒ නිසා ඒ තැන් පැය විසිහතර පුරාම විවෘතය. කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, ග්‍රෑන්ඩ්පාස් ආදී නගර ආශ්‍රිතව එවන් ස්ථාන බොහෝමයක් පිහිටා තිබේ.
ජංගම ගණිකා ජාවාරම කෙරෙන වාහනය රැය පුරාම ඇත්තේ මහපාරේය. ඒ අලෙවි කළ කාන්තාවන් නැවත රථයට ගොඩකරගෙන ගණන් මිනුම් බේරන්නටය. සාමාන්‍යයෙන් මේ එක් වාහනයකට රැයක් එළිවන විට ලැබෙන ආදායම රුපියල් ලක්ෂය ඉක්මවන අවස්්ථාද ඇත. ඒ කාන්තාවන් හය හත්දෙනකුගෙනි. ඒ එක් කාන්තාවක් ගැනුම්කරුවන් දෙතුන් දෙනකු අතට යන අවස්්ථාද ඇති බැවිනි. එවන් අවස්්ථාවක ඇයට ඒ ජාවාරම මෙහෙයවන අයගෙන් රුපියල් දස දහසක්වත් ලැබෙන බව සඳහන්ය. එවැනි ගණිකාවකගේ මාසික ආදායම රුපියල් ලක්ෂ තුනහතරක් වෙයි.
මේ ජාවාරමෙන් ඉතා විශාල මුදලක් ඉපයුවත් එයින් වැඩි කොටසක් බෙදී යන්නේ ගනුදෙනුකරුවන් සොයා ගෙනඑන ත්‍රිරෝද රථ රියැදුරන්ට සහ ජාවාරම මෙහෙයවන්නන් අතටය. ගණිකා වෘත්තියේ නිරත කාන්තාවන් අතට පත්වන්නේ අඩු මුදලකි.
මේ කියන ත්‍රිරෝද රථ රියැදුරන් ගණිකා ජාවාරමේ නිරතව සිටින්නන් සමග නිරන්තර සම්බන්ධකම් පවත්වන අයය. ඒ අය බහුල වශයෙන් ගැවසෙන්නේ රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිතවය. නැතිනම් අවන්හල් අවටය. එසේත් නැතිනම් කැරෝකේ ශාලා ඉදිරිපිටය. ඒ තැන්වලට ගොස් අඩියක් දෙකක් ගසා පදම් වී සිටින මහත්වරුන්ට ඉන් එහාට අවශ්‍ය කුමක්දැයි දන්නේ ත්‍රිරෝද රථ රියැදුරන්ය. ඒ අය කැරකෙනකොටම ඒ මොකටදැයි දැනෙන හොඳ ඉව නිසාය. 
එහිදී ත්‍රිරෝද රථ රියැදුරන්ගේ මල්ල බරවන්නේ  ඒ මහත්වරුන්  අතමිට මොලවන කීයකින් හරි සහ ගණිකා ජාවාරම්කරුගෙන් ලැබෙන දහසේ දෙදහසේ පටිවලිනි. ඒ නිසා රාත්‍රියට හයර් දුවනවා වෙනුවට ත්‍රිරෝද රථ රියැදුරන්ට අධික ලාභයක් ලැබෙන්නේ ජංගම ගණිකාවන්ට සේවාදායකයන් සොයා දීමෙනි.
එසේ ජංගම ගණිකාවන්ට සේවාදායකයන් සොයාදුන් එක් ත්‍රිරෝද රථ රියැදුරෙකු අද සිටින්නේ දියුණුවේ හිණිපෙත්තටම ගොසිනි. මෙයට දස වසරකට පමණ ඉහත තුම්මුල්ල ප්‍රදේශයේ රාත්‍රියට ත්‍රිරෝද රථයක් ධාවනය කරමින් ජීවිකාව සරිකරගත්තෙකු වන ඔහු අද වන විට කෝටිපතියෙකි. කොළඹ මල්පාරේ සුඛෝපබෝගී නිවසක්ද, කොල්ලුපිටියේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකින් නිවාස දෙකක්ද හිමිව ඇති  ඔහුට ප්‍රාඩෝ රියක් ඇතුළු වාහන හතක්ද අයත්ය. මේ දකින්නට ඇති සහ හෙළිවන වත්කම්වලින් කොටසක් පමණි. මේ සා විශාල ධනස්කන්ධයකට ඔහු හිමිකම් කියන්නේ ගණිකාවන්ට සේවාදායකයන් සැපයීමෙන් ලත් අත්දැකීමෙන් ඔහු ඒ ව්‍යාපාරය තමන්ගේම ව්‍යාපාරයක් ලෙස කරගෙන ගිය නිසාය. අද මේ පුද්ගලයා රුසියාවෙන් සහ, චීනයෙන් ද ගණිකාවන් මෙරටට සංචාරක වීසා මගින් ගෙන්වාගෙන ජාවාරම කරගෙන යන්නේ ඔහුට අයත් තට්ටු නිවාසවල නතර කරගෙනය. 
මේ එසේ ගණිකා ජාවාරම මෙහෙයවන එක් අයෙකු පමණි. යුරෝපීය රටවලින් ගණිකාවන් මෙරටට රැගෙනවිත් සුඛෝපභෝගී තට්ටු නිවාසවල නතරකරගෙන මෙරට ඉහළ ධනවතුන්ට මෙන්ම දේශපාලනඥයන්ට අලෙවි කිරීමේ සංවිධානාත්මක ජාවාරමේ කිහිප දෙනෙක්ම නිරතව සිටිති. ඒ අයට ගණිකාවන් සැපයෙන්නේ තරුපන්තියේ හෝටල් කාමරවලටය. හෝටල් කාමර වෙන්කරගත යුත්තේ ගැනුම්කරුවාය. ගණිකාව ඒ කාමරයට යන්නේ ඇයට ජාවාරම්කරු විසින් පරිහරණයට ලබාදී ඇති සුඛෝපභෝගී මෝටර් රථයේ නැගීය. ඇය එසේ විකිණෙන්නේ පැයකට රුපියල් 25,000ක් වැනි ඉහළ මිලකටය. එසේම ඇතැම් ධනවතුන් තම විදෙස් සංචාරයන් සඳහා බිරියන් වෙනුවට විදෙස් ගණිකාවන් රැගෙන යන අවස්ථාද වේ. එවැනි ගමන් සඳහා මිල ගණන් තීරණය කෙරෙන්නේ ‘පැකේජ්’ ක්‍රමයටය. 
එසේ පැකේජ් ක්‍රමයට ඉහළ ධනවතුන්ගේ සහ දේශපාලනඥයන්ගේ දරුවන් ප්‍රිය සම්භාෂණ සඳහා ගණිකාවන් ලබා ගන්නා අවස්්ථාද තිබේ. සුපිරි නිවාස සංකීර්ණ ආදියෙහිද එවන් ප්‍රියසම්භාෂණ සඳහා පහසුකම් සපිරි ශාලා තිබි ඇත. ගණිකාවට පැවැරෙන්නේ ප්‍රිය සම්භාෂණයට පැමිණෙන තරුණයන් සතුටු කරන්නටය. 
මේ ආකාරයට ප්‍රිය සම්භාෂණ සඳහා ගණිකාවන් සැපයෙන්නේ අඩුම තරමින් රුපියල් ලක්ෂ පහකවත් පැකේජයකටය. ඊට ගණිකාවන් දෙතුන් දෙනකුවත් ඇතුළත්ය. ඒ අය එක්කෝ රුසියානුවන්ය. නැති නම් චීනය. එසේත් නැතිනම් සුදු හම ඇති වෙනත් රටකය. ඉහළ බලවතුන්ගේ, ධනවතුන්ගේ දරුවන් මසකට වරක් දෙවරක් මෙවන් ප්‍රිය සම්භාෂණ පැවැත්වූවත්   ‍පොලීසියට ඒ තැන් වටලන්නට බැරිය. ඒ ඔවුන් ගණිකාවන් කුලියට ගෙන සුපිරි නිවාසවලට රැගෙන යන්නේ ප්‍රිය සම්භාෂණයට පැමිණෙන ආරාධිතයන් ලෙස බැවිනි. ඉහළ සමාජයේ ධනවතුන් සහ දේශපාලනඥයන් සමග ගැටීමෙන්ද ඵලක් නොවන බැවින් ඇතැම් විට ‍පොලීසිය ඒවා දිහා ඇස් කන් නොමැත්තන් සේ බලා සිටිනවාද විය හැකිය.
ගයාන් කුමාර වීරසිංහ

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos