-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ක්‍රිස්ටි ඈන් ඒබ්‍රහම් ඔස්ට්‍රේලියාවේ කාන්තා සිර කඳවුරු තුළ තිබෙන පහත්ම සංගමයේ සාමාජිකාවක් බවට නොබෝදා පත් වූවාය. ඒ තමන්ගේ ‘දරුවා මරා දැමූ මව්වරුන්ගේ සංගමයේ’ සාමාජිකාවක් බවට පත් වෙමින්ය. එම සංගමයේ අයට සිරගෙදර අපායකි. ඔස්ට්‍රේලියාවේ සිරගෙවල් සමහර රටවල තිබෙන හෝටලවලට වඩා හොඳය. ඉතා හොඳ සමබර ආහාරපාන, ක්‍රිඩා පහසුකම්, ව්‍යායාම, අධ්‍යාපනය, පුහුණුව පමණක් නොව, ජන්දය දීමේ අයිතියද සිරකරුවන්ට තිබේ. නමුත් සිරගෙදර අපායක් වන්නේ දරුවකුට යම් අපරාධයක් සිදුකොට සිරගත වන අයටයි.

ක්‍රිස්ටි ඈන් ඒබ්‍රහම්ට නොබෝදා ඔස්ට්‍රේලියාවේ මහේස්ත්‍රාත්වරයකු විසින් දරුවා මැරීමේ වරදට වසර 16ක සිර දඬුවමක් නියම කළේය.
2010 දී ක්‍රිස්ටි සහ ඇගේ පෙම්වතා වන රොබට් ස්මිත් ප්‍රසිද්ධියට පත්වූයේ ක්‍රිස්ටියේ අවුරුදු 06ක දුව හදිසියේ අතුරුදන් වීමත් සමගයි. සිද්ධිය වූ දින රාත්‍රි 9.30ට පමණ සිය දියණිය නිදා ගැනීම සඳහා ඇඳට දැමූ බවත්,ඇය ඊට පසු අතුරුදන් වූ බවත් ක්‍රිස්ටි පොලිසියට හා රූපවාහිනි නාලිකාවලට පැවසුවාය.


නමුත් මෙම කතාව පොලිසිය මුල පටන්ම විශ්වාස කළේ නැත. පොලිස් පරීක්ෂණ රාශියකට පසුව 2011 දී පොලිසිය, ක්‍රිස්ටි අත්අඩංගුවට ගත්තේය. කඳුළු පිරි දෙනෙතින් ඇය පොලිසියට පැවසුවේ “රාත්‍රි නිදා ගැනීමට පිජාමා එක හැඳ ගැනීමට අදිමදි කළ ක්‍රිෂාට පහර දුන් බවත්, දරුවා ක්ලාන්ත වූ බවත්” ය. “දරුවාගේ මුලු ඇඟම අප්‍රාණික වෙලා ‘ජෙලි’ වගේ වුණා. පසුවදා උදේ බලන විට ඇය මැරිලා..” යැයි ක්‍රිස්ටි පසුව පොලිසියට පාපොච්චාරණය කර තිබේ. ක්‍රිස්ටි ඊළඟට කළේ නිවසේ තිබූ ලොකු සූට්කේස් එකකට කුඩා ක්‍රිෂාගේ සිරුර දැමීමයි.
මෙසේ දින කිහිපයක් ගෙවී ගියේය. ඇගේ පෙම්වතා වන රොබ්ට් පැමිණි පසු දෙදෙනාම ටැකිසියකින් ක්‍රිෂාගේ සිරුර දමා තිබූ සූට්කේසයත් රැගෙන ‘ෂාල්වී’ නැමැති සිඩ්නි නගරයේ උප නගරයට ගොස් එහි වන වදුලක් තුළට සූට්කේසය දමා ඊට ගිනි තබා ඇත.
මීළඟට ඔවුන් විසින් කර ඇත්තේ දරුවා අතුරුදන් වූ බවට පොලිසියට පැමිණිලි කිරීමයි. ක්‍රිෂා අතුරුදන් වී මාස අටක් ගෙවී ගියේය. ක්‍රිස්ටි ඈන් සහ රොබට් කල්පනා කළේ පොලිසිය පරීක්ෂණ අවසන් කර ඇති බවයි. ඒ තරම් නිහඬතාවක පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගිලී සිටියේය. ඒ නිසා මාස අටකට පසු උදාවූ ක්‍රිෂාගේ 7 වැනි උපන් දිනයදා මොවුන් දෙදෙනා ඇය කැළයට විසි කළ ස්ථානයට ගියහ. මොවුන්ට නොදැනෙන ලෙස පොලිස් දැළ එලා තිබූ බවක් මොවුන් දැන නොසිටියහ. ක්‍රිෂාගේ සිරුර පුලුස්සා දැමූ ස්ථානයේදීම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නට සිඩ්නි පොලිසිය සමත් විය. ඒ අසල තිබී කුඩා ක්‍රිස්ගේ දැවී ගිය සිරුරේ කොටස් සහ අනෙකුත් සාක්ෂි පොලිසිය විසින් සොයා ගන්නා ලදි.
ක්‍රිෂාගේ මව වූ ක්‍රිස්ටි ඈන්ගේ ළමා කාලයද ඉතා අයහපත් මට්ටමක තිබූ බව උසාවියේ දී හෙළිදරව් විය. ඇගේ පියා අධික ලෙස බීමට ඇබ්බැහි වූ අයකු වූ අතර නොයෙකුත් වැරැදිවලට සිරගත වූ පුද්ගලයෙකි. දඬුවම් නියම කිරීමේදී ඇගේ ළමා කාලය සැලකිල්ලට ගත්තත් කුඩා ක්‍රිෂා වෙත දැක් වූ කෲර සහගත සැලකීම් නොසලකා හැරිය නොහැකි බව උසාවියේ අදහස විය. දරුවාට ඇගේ මව විසින් කළ පහරදීම් අසීමිත ලෙස ප්‍රමාණය ඉක්මවා සිදුකර ඇති බව හෙළිදරව් විය.
ක්‍රිස්ටිට පැන වූ අවුරුදු 16ක සිර දඬුවම ගැන එම නඩුවේ තීන්දුව අසන්නට පැමිණ උසාවියේ රැස් වී සිටි ජනතාවගේ සතුටට හේතු වූයේ නැත. උසාවියේ ගැලරියෙන් ‘වල්බැල්ලී , තෝ අපායේ පැහැවපුවාදෙන්’ වැනි ප්‍රකාශ ශබ්ද නගා කියනු ඇසිණ.එම අවස්ථාවේ විනිසුරුවරයා පැවසුවේ නිශ්ෂබ්ද නොවුණහොත් ගැලරීයේ සිටින සියලු දෙනා එළියට දමන බවයි.
සිසිල් ෆොන්සේකා (සිඩ්නි,ඔස්ට්‍රේලියාවේ සිට)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos