-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මැලේසියානු ගුවන් සමාගමේ ඉදිරි ගුවන් ගමන් සඳහා වන ගාස්තු ලේඛනයේ ඇති වූ අවුල් සහගත තත්ත්වයක් නිසා එම ගුවන් සමාගමෙන් ගුවන් ගමන් සැලසුම් කළ ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් අපහසුතාවට පත්ව සිටිනවා. එම අපහසුතාවට ලෝකයේ වෙනත් රටවල ද පුද්ගලයින් මුහුණ දී ඇත්දැයි සොයා බැලීමට බලාපොරොත්තු වනවා.

මෙම අර්බුදකාරී තත්ත්වය මතුව තිබෙන්නේ කොළඹ සිට චීනයේ ප‍්‍රධාන ගුවන් තොටුපොළවල් කිහිපයකට මැලේසියානු ගුවන් සමාගම විසින් පසුගියදා නිකුත් කෙරුණු මිල ගණන් කිහිපයක් සම්බන්ධයෙන්. එම විශේෂ මිල ගණන් යටතේ ගුවන් ටිකට් පත් විශාල ප‍්‍රමාණයක් නිකුත් කර ඇතත්, එම ගාස්තුව යටතේ ගුවන් ගමනේ යෙදීමට අවස්ථාව නොලැබෙන බව මැලේසියානු ගුවන් සමාගමේ අදාළ ටිකට් පත් අලෙවි කළ නියෝජිත ආයතන දැන් සඳහන් කරනවා.

කොළඹ සිට චීනය දක්වා වූ මෙම ගමන් ගාස්තුව, ගුවන් ටිකට්පත් අලෙවි නියෝජිතයින් වෙත ලැබී ඇත්තේ මැලේසියානු ගුවන් සමාගමේ දත්ත ජාලයේ ඇති වූ දෝෂයක් නිසා බව සඳහන්. මැලේසියානු ගුවන් සමාගම විසින්ම ප‍්‍රකාශයට පත් කළ එම ගුවන් ගමන් ගාස්තුව ගුවන් සමාගමේම වරදින් සිදුවූ එකක් බව මේ වන විට මෙරට සිටින අලෙවි නියෝජිතයින්ට ද දැනුම් දී තිබෙනවා. මේ නිසා අදාළ ටිකට් පත් සම්පූර්ණයෙන්ම අවලංගු වන තත්ත්වයක් මතුව තිබෙනවා. එම නිසා අදාළ සංචාරය වෙනුවෙන් ටිකට් මිලදී ගෙන සිය ගුවන් ගමනට සූදානම් වූ ගුවන් මගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා. 

එම ගුවන් මගීන් සඳහන් කරන්නේ මැලේසියානු ගුවන් සමාගම දෝෂ සහිත ගාස්තු මත තමන් දැඩි රැවටීමකට ලක්කළ බවයි. මැලේසියානු ගුවන් සමාගමේ මෙරට නියෝජිත ආයතනය ද එම මිල ගණන්වලට ගුවන් ටිකට් පත් මේ වන විට නිකුත් කර තිබෙනවා. මෙරට සිටින එම නියෝජිත ආයතනය ඔවුන්ගේ නිල ෆේස් බුක් පිටුවේ පවා එම ගාස්තු ඇතුළත් දැන්වීම ප‍්‍රදර්ශනය කර තිබූ අතර, මේ වන විට එය ඉවත් කර තිබෙනවා. 


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week