-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රට පුරා ආපනශාලාවල තත්ත්වය පිළිබඳ පරික්‍ෂා කරන පාරිභෝගික කටයුතූ පිළිබඳ අධිකාරියේ ආපනශාලාව ඉතාම අපිරිසිදු මෙන්ම කිසිදු ප්‍රමිතියකින් තොර එකක් බව පාරිභෝගික සහ ගොවි අයිතීන් සුරැකීමේ සන්ධානයේ කැඳවුම්කරු, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මල්ලවආරච්චි මහතා කොළඹ 7, සව්සිරිපායේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරනය කළේය.
මේ පිළිබඳ තවදුරටත් අදහස් දැක්වූ ජාතික සංවිධායක –
‘අද බලන්න රට පුරා ආපනශාලා හදිසියේම වැටලීම් කරනව. මොකද ඒ ? පාරිභෝගික අධිකාරිය හදිසියෙම ඇහැරිල. තමන්ගෙ අක්‍රියත්වය වහ ගන්න සංදර්ශණාත්මක දේවල් ටිකක් කරනව. මේක අපේ රටේ බොහොමයක් ආයතන කරන ක්‍රිඩාවක්. තමන්ගෙ නොහැකියාව වහගන්න මාධ්‍ය සංදර්ශණ තියනව. අපි ගියා පාරිභෝගික අධිකාරියට. කවුරුත් නෑ අපේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන්න. අපි ලිපි යැව්ව. කිසිම පිළිතූරක් නැහැ. මේ තමයි රටේ පාරිභෝගිකයා වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන එකම රාජ්‍ය ආයතනය. සුදු අලියෙක් මේක.
ආපනශාලාවල ගූණත්වයෙන් අඩු, කල්ඉකූත් වූ භාණ්ඩ විකූණනව නම් අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතූයි. ප්‍රශ්නෙ තියෙන්නෙ ආපනශාලාවලින් පාසල් සහ අනිකූත් ආයතන ගන්න කප්පම් මුදල නැති කරල ඒ තූල තියෙන ගැටලු නිරාකරනය කළ යුතූයි. අපි කියන්නෙ වඩා ක්‍රමවත් වෙන්න. නිකම් බොරු සෝබන පාට් මිනිසු්සුන්ට පෙන්නන්න එපා.
මෙන්න බලන්න මේ පින්තූර, මේ තමයි ආපනශාලා හොඳට හදන්න ඕන කියල, ආපනශාලාහිමියන්ට දඩ ගහල පීඩාවට පත් කරන ගූරාගෙ ආයතනයේ තියෙන ආපනශාලාවෙ හැටි. මොකක්ද ප්‍රමිතිය. මේ කෑම වහලද ? තේ හදන විදිය.. කසල බඳුනෙ තත්ත්වය..කෝ ප්‍රමිතිය..මේ නිසා තමයි අපි කියන්නෙ සංදර්ශන එපා කියල. නිසි ක්‍රමවේදයක් හදන්න. අපිට ඕන පාරිභෝගික කටයුතූ අධිකාරිය නිවැරදි පාරට ගන්න.
ඒ නිසා අපි බොහොම අවධාරණයෙන් කියනව පාරිභෝගික කටයුතූ පිළිබඳ අධිකාරියට, පළමුවෙන්ම අධිකාරියේ ප්‍රතිපත්තිය ජනතාවාදීව නැවත සකස් කරන්න. ඉන් පසුව වහාම ආපනශාලා පිළිබඳ රටට අනුකූල ප්‍රමිතියක් සකස් කරන්න. පාසල් ආපනශාලා සඳහා ක්‍රියාත්මක කළ යුතූ 2011 අධ්‍යාපන චක්‍රලේකය ක්‍රියාත්මක කරවන්න බල කරන්න. ආපනශාලා වල ටෙන්ඩර් පටිපාටිය විධිමත් කරන්න. ආහාර ප්‍රතිපත්තියක් සකස් කරන්න. මෙන්න මේව කරන්න. රටේ ජනතාව වෙනුවෙන් මේ ඉල්ලීම් ඉටු කරගන්න පාරිභෝගික සහ ගොවි අයිතීන් සුරැකීමේ සන්ධානය විදියට අපි ජනතාව සමග එනවා ළඟදීම අධිකාරියට’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week