මහනුවර දළදා මාළිගාව ආසන්යේ පිහිටි සුප‍්‍රකට හෝටලයකින් මෙහෙණින් වහන්සේ නමකට තේ කෝප්පයක් රුපියල් 189ක මිලකට විකුණා තිබේ.
ඒ සඳහා වූ බිලෙහි තේ කෝප්පයේ මිල රුපියල් 180 ක් හා සේවා ගාස්තු රුපියල් 09 ක් එක් කර ඇත.
කෙසේ වෙතත් මෙහෙණින් වහන්සේ මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කිරීමට බිල පරීක්ෂා කිරීමේදී එහි තේ කෝප්පයක් පිළිබඳව සඳහන්ව තිබී නොමැති අතර එහි සඳහන් තිබී ඇත්තේ ‘ක්ලැසික් සිලෝන් රුපියල් 180’ සහ සේවාගාස්තු ලෙසයි.