-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී සිකුරාදා පැවැති රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී එහි විනිශ්චය මණ්ඩලයේ සභාපති මහාචාර්ය පැට්රික් රත්නායක මහතාට රංගන ශිල්පියකු වන ජගත් මනුවර්ණ විසින් තර්ජනය කරනු ලැබීමේ සිදුවීමක් වාර්තා වෙයි. මෙය සිදුවී ඇත්තේ සම්මාන උළෙලින් පසුව පැවැති භෝජන සංග්‍රහ අවස්ථාවේදීය. ජගත් මනුවර්ණ රඟපෑ 'බොරලු පාර' ටෙලි නාට්‍ය මෙවර සම්මාන උළෙලේ සම්මාන රැසකටම නිර්දේශිත වී තිබිණි.වාර්තාවන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.

භෝජන සංග්‍රහය උණුසුම් අයුරින් පැවැතෙද්දී මහාචාර්ය පැට්රික් රත්නායක අසලින් ගිය ජගත් මනුවර්ණ.
මට මොනවද කෙළේ.
'තමුසේ රංගනය ගැන දන්නේ මොනවාදැයි' ප්‍රශ්න කර ඇත. එහිදී මහාචාර්යවරයා තමන් කළ දේ උළෙලේදී පැහැදිලිව පෙනෙන්නට තිබුණු බවත් රංගනය ගැන තමාට කියා දෙන ලෙස මනුවර්ණට පවසා ඇත. එහිදී දිගින් දිගට කතාව ඇදී ගොස් සම්මාන උත්සව සතුටු අවස්ථාවකට නොසුදුසු තත්ත්වයක් දක්වා දීර්ඝව ඇත.
මෙහිදී කලාකරුවන් පිරිසක් විසින් මහාචාර්යවරයා භෝජන ශාලාවෙන් පිටතට කැඳවා ගෙන ගොස් ඇත.

මහාචාර්ය පැට්රික් රත්නායක කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ ලලිත කලා අංශයේ ජේ‍යෂ්ඨතම මහාචාර්යවරයාය. ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඡායාරූප සිනමා හා රූපවාහිනි විෂය ක්‍ෂේත්‍රය අරබයා ප්‍රතිබිම්බ කලාව නමින් උපාධි පාඨමාලාවක් කැලණිය විශ්වවිද්‍යාලයේ ආරම්භ කිරීමේ ගෞරවය ඔහුට හිමිවෙයි. මහාචාර්ය පැට්රික් රත්නායක ජපානයේ ටෝකියෝ නුවර නිහොන් සරසවියේ සිනමා හා රූපවාහිනි විෂය පිළිබඳ ශාස්ත්‍රපති සහ දර්ශන විශාරද උපාධිලාභියෙකි.
මහාචාර්ය රත්නායක රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ වසර 9ක් ජූරි සභිකයකු ලෙස කටයුතු කර ඇති අතර ඉන් වසර හතක්ම ජූරියේ සභාපති ලෙස සේවය කර ඇත්තෙකි.
රයිගම් ටෙලීස් සම්මාන උළෙල මෙවර පැවැතියේ දසවැනි වතාවටය. මේ වසර දහය පුරාවට කිසිදු අවස්ථාවක මෙවැනි අශෝභන සිදුවීමක් නොවූ බව වාර්තාවෙයි.
මේ පිළිබඳ මහාචාර්ය පැට්රික් රත්නායකගෙන් විමසූ විට ඔහු මෙසේ ප්‍රකාශ කෙළේය.

'රයිගම් ටෙලීස් උළෙලේ මෙවර ජූරියේ සභාපති වුණේ මම. සම්මාන රාත්‍රියේ සාදය වෙලාවේ මා අසලින් ගිය ජගත් මනුවර්ණ මා දැක නතර වී.
'ආ මේ ඉන්නේ, මට මොනවද කළේ තමුසේ රඟපෑම ගැන දන්නේ මොනවද? කියා මුලින්ම ප්‍රශ්න කළා. මම සම්මාන ලබා දීමේදී අප අනුගමනය කළ ප්‍රතිපත්ති සහ පිළිවෙත් ඔහුට පැහැදිලි කරන්නට උත්සාහ ගත්තා. ඒ අතර රංගනය පිළිබඳ මට කියා දෙන ලෙසත් ඉල්ලා සිටියා.
පැහැදිලි කිරීම් දැන ගන්නට ඔහුට වුවමනාවක් නොතිබුණු බවයි පෙනුණේ. ඔහුගෙන් පිළිබිඹු වුණේ චණ්ඩි විලාසයක්. ඔහු ඔහුගේ නමේ ආකාරයෙන්ම 'වර්ණ' පෙන්වන්න උත්සාහයක් කළා. ආනන්ද අබේනායක ඇතුළු පිරිසක් ශාලාවෙන් නික්ම යන ලෙස මගෙන් ඉල්ලීමක් කළා. එතැන රැඳුණ නම් තත්ත්වය දරුණු වෙනත් තිබුණා' යැයි පැවැසුවේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week