-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

හීනයෙන් දුටු නිධානයක් ගොඩ ගැනීමට නිවෙසක කැණීම් කළ ගෙහිමියා සහ කාන්තාවක ඇතුළු හයදෙනකු මින්නේරිය පොලිසිය විසින් පෙරේදා (8දා) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.


මින්නේරිය කටුකැලියාව ප්‍රදේශයේ ජීවත් වූ මේ නිවෙස් හිමියා නිදා සිටියදී හීනයක් දැක ඇති බවත් එම හීනයේ තමන්ගේ නිවෙස් පිටුපස ළිඳේ විශාල නිධානයක් ඇති බවට පෙනී ගොස් ඇති බවත් සැකකරුවන්ගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.
ඉන් අනතුරුව සැකකරු මේ බව කුරුණෑගල ප්‍රදේශයේ සිටින තම බාප්පාගේ දියණිය වන ඥාති කාන්තාවකට දන්වා ඇති අතර ඇය නිධානය ගොඩ ගැනීම සඳහා තවත් පුද්ගලයන් සිවුදෙනකු සමඟ මේ නිවෙසට පැමිණ තිබේ.


ළිඳක් හාරන මුවාවෙන් මොවුන් නිවෙස පිටුපස මේ කැණීම් කර ඇති අතර ඔවුන් අඩි 07ක් පමණ මේ කැණීම් කටයුතු කර ඇති බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සතුව තිබී ගල් විදීමට ගන්නා ගී්‍රල් උපකරණයක්, ජෙනරේටරයක්, වතුර මෝටරයක් හා අලවංගු ආදි තවත් කැණීම් උපකරණ රැසක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week