-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ රාත්‍රි කාලයේදී කොරිඩෝව තුළ ඇවිදින සුදු ඇඳගත් කාන්තාවක් වැනි අයකුගේ ඡායාවක් නිසා රෝහල් සේවකයන් භීතියට පත්ව ඇති බැව් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සුදු ඇඳගත් කාන්තාව රාත්‍රි සේවයේ යෙදී සිටි ඇතැම් සේවක සේවිකාවෝ දැක ඇති බවද පවසන ඔවුහු රාත්‍රි කාලයේදී ශබ්ද ඇසෙන බවත් මෙම තත්ත්වය නිසා ඇතැම් රෝහල් සේවකයන් අතර දැඩි බියක් හටගෙන ඇති බවත් සඳහන් කරති.

මෙම කාන්තා ඡායාව දුටු රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයකු වන එම්. චමින්ද කුමාර 

මම හා තවත් සේවකයකු (මදුෂාන්) හදිසි ප්‍රතිකාර ඒකකයේ සිට දැඩි සත්කාර ඒකකයට රෝගියකු අරගෙන ගියා. ආපසු ට්‍රොලිය තල්ලුකරගෙන එන විට කොරිඩෝවේදී ගැහැනු කෙනෙක් නොන්ඩි ගහ ගහා ආවා. ඇය සුදු ඇඳුමක් ඇඳගෙන හිටියේ. ඇය අපි ට්‍රොලියට නංවාගෙන මීටර් 15 ක් විතර දුර තල්ලුකරගෙන විත් ඇගෙන් ඇසුවා මොන වාට්ටුවේද ඉන්නේ කියලා. ඒ සමඟම ඇය ට්‍රොලියෙන් බැහැලා නොපෙනී ගියා.

මෙම ඡායාව දුටු රෝහලේ සුළුසේවා පාලකවරියක් වන සඳලතා නානායක්කාර මහත්මිය

ඉකුත් 26 වැනි දින රාත්‍රි මා සේවයට වාර්තා කළා. එදින රාත්‍රි 1.10 ට විතර වකුගඩු ඒකකය අසල ඇති වැසිකිළියට යන්න ගියා. විදුලි ආලෝකය හරිහැටි තිබුණේ නැහැ. වකුගඩු ඒකකයේ ඉඳලා ආපු සුදු අත්දිග හැට්ටයක් හා කහපාට සායක් ඇඳන් හිටපු කාන්තාවක්, ස¹ මිස් කියලා මගෙ අතින් ඇල්ලුවා. මම බය වුණා. අත ගසා දමලා දුවන කොට මාව වැටුණා.

මම දැකපු කාන්තාව රෝහලේ සේවය කළ සෞඛ්‍ය කාර්ය සහායිකාවක ගේ හැඩ රුව. ඇයත් සමග මම ගොඩක් හිතවත්ව හිටියා. ඇය මීට වසර දෙක තුනකට ඉහතදී මියගියා. මට තවම සනීප නැහැ. ඒත් මම ඕවා පිළිගන්නේ නැහැ. නමුත් දැන් නම් බයයි. තවත් අයත් මේව දැකලා තියෙනවා. කෙසේ වුවද රෝහලේ ඇතැම් සේවකයන් පවසන්නේ තමන් මෙවැනි දෙයක් නුදුටු බවයි.

කෙසේ වුවද මේ පිළිබඳව රෝහල තුළ දැඩි කතා බහක් ඇති වී තිබේ.

මේ පිළිබඳ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු මෙසේ කීවේය.

මම නම් ඕව පිළිගන්නේ නැහැ. එහෙනම් මෘත ශරීරාගාරය හොල්මන් ගුහාවක් වෙන්න ඕනෑ. මෙය අසත්‍ය ප්‍රචාරයක්. මේවායේ වෙනත් අරමුණු තියෙන්නත් පුළුවන්.

මේ පිළිබඳ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුමී රූබන් මහතා පවසන්නේ. සමහර පුද්ගලයන්ට සමහර දේවල් මැවිලා පේනවා. ඒ හිත තුළ පවතින මනෝමය රූපය. එහෙම වූ විට මේ වගේ දේවල් පේනවා. එක් අයකු දැකපු මේ සිද්ධිය කට කතාවක් වශයෙන් පැතිර ගොස් එයට අර්ථ නිරූපණයක් ලැඛෙන්න පුළුවන්. වැරදියට වටහා ගැනීමෙන් තමයි මෙවැනි දේ්වල් දකින්නේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week