-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අනුරාධපුර මූලස්ථාන පොලිසියේදී හිමිනමකට පහරදී උන්වහන්සේට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පහරදුන් කාන්තාව එම අවස්ථාවේම පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.අනුරාධපුර පොලිස් වසමේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක් සහ එම ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයේ විහාරාධිපති හිමිනම අතර හටගෙන තිබෙන ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී අදාළ කාන්තාව මේ පහරදීම කර තිබෙන්නේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ඉදිරිපිටදීය.
ඇය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පෙරේදා (7දා) අධිකරණයට ඉදිරිපත් කළ එම කාන්තාව අද (9දා) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මෙනෙවිය නියෝග කළාය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ශ්‍රාවස්තිවත්ත, ශ්‍රාවස්තිපුර අනුරාධපුර ලිපිනයේ පදිංචි රාජ්‍ය නොවන සංවිධානයක් වන ප්‍රගති සේවා පදනමේ විගණන අංශයේ නිලධාරිනියක් වන චමිලා ජයමාන්න නමැත්තියයි.

මේ රාජ්‍ය නොවන ආයතනයේ නිලධාරීන් හා එහි ගනුදෙනුකරුවන් පිරිසකුත් ශ්‍රාවස්තිවත්ත ශ්‍රාවස්තිපුර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ විහාරාධිපති රාජාංගණයේ සද්ධාරතන හිමියනුත් අතර හටගෙන ඇති ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ල විභාගයට ගැනුණු අවස්ථාවේ සැකකාර කාන්තාව විසින් විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ඉදිරිපිටදී හිමිනමට පහරදී උන්වහන්සේගේ පිට ප්‍රදේශය නියපොතුවලින් සූරා තුවාල කර තිබිණි. මේ පැමිණිල්ල විභාගයට ගන්නා අවස්ථාවේ රාජ්‍ය නොවන සංවිධානයේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණ සිටි අතර ඔවුන් කියා සිටියේ විගණන අංශයේ නිලධාරිනිය කිසිදු අවස්ථාවක හිමිනමට පහරදීමක් සිදුනොකළ බවයි. පහර කෑමට ලක් වූ හිමිනම ඒ අවස්ථාවේදීම ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණි.

අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි එච්. සමුද්‍රජීව මහතාගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ජයපද්ම මහතාගේ මෙහෙයවීම මත විවිධ පැමිණිලි අංශයේ වැඩබලන ස්ථානාධිපති වී. සිවලිංගම් මහතා පරීක්ෂණ සිදුකෙළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week