දැයට කිරුළ දුම්රිය එන්ජින් රියැදුරා ඔහුගේ බිරිය දුම්රිය එන්ජිම තුළ රැගෙන යමින් සිටියදී කළ සෝදිසියකදී අනුරාධපුර ප්‍රවාහන අධිකාරිවරයා ඇයට රුපියල් 4,000ක දඩයක් නියම කරනු ලැබීය.
දුම්රිය නීති රීතිවලට අනුව දුම්රිය එන්ජිම තුළ ගමන් කළ හැක්කේ රියැදුරු හා සහායක පමණක් වන අතර එහි කාන්තාවන් රැගෙන යෑම කිසිසේත්ම නොකළ යුතු බවට විනය නීති රීති පනවා තිබේ.
කොළඹ කොටුවේ සිට පලෙයි බලා ධාවනය වූ දැයට කිරුළ දුම්රිය එන්ජිම තුළ කාන්තාවක් ගමන් කරනවා දුටු මගීන් පිරිසක් ඒ පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇත්තේ මෙම දුම්රිය පසුගිය 30 වැනි දින පොතුහැර දුම්රිය ස්ථානයේදී සිදුවූ මාරක රිය අනතුර පිළිබඳවද සිහිකරමිනි.
ඒ අනුව දුම්රිය නිලධාරීන් මෙම දුම්රිය පොතුහැරදී පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඒ තුළ දුම්රිය රියැදුරාගේ බිරිය ගමන් කරන අයුරු දැක ඡායාරූපද ගෙන තිබේ.
අනතුරුව මේ පිළිබඳ අනුරාධපුර ප්‍රවාහන අධිකාරිවරයාටද දැන ගැනීමට ලැබී ඇති අතර ඔහු කළ ප්‍රශ්න කිරීම් හමුවේ දුම්රිය රියැදුරු වරද පිළිගැනීම නිසා එම කාන්තාව දුම්රිය එන්ජිමේ ගමන් කළ වරදට මෙම දඩ මුදල නියමකොට තිබේ.
දුම්රිය රියැදුරු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටද නියමිත බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.