-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දරු ප්‍රසූතියක් සඳහා රෝහල් ගත වී සිටි මවක් පරීක්ෂා කර ඇති වෛද්‍යවරයෙකු විසින් ඇයගේ සත්‍ය වයස අනාවරණය කර ගැනීමත් සමගම බාල වයස්කාර දැරියක් දුෂණය කිරීමේ වරදට ඇය සමග පවුල් ජීවිතයක් ගත කළ බව කියන තරුණයෙකු කොස්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්වත්ත පොලිස් වසමේ කහටවිල - පොතුවටවන පදිංචිකරුවෙකු වන 20 හැවිරිදි තරුණයෙකි. 

දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කර ඇත්තේ සැකකරු සමග වසරක පමණ කාලයක් පවුල් ජීවිතයක් ගත කළ බව කියන 15 හැවිරිදි දැරියක් බව අද දෙරණ වාර්තාකරු පවසයි. 

ඇය තම ප්‍රථම දරු ප්‍රසූතිය සඳහා මීගමුව මහා රෝහලේ 10 වන වාට්ටුවට ඇතුළත් වී ඇත. 

දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වී ඇති බාල වයස්කාර දැරියගේ සත්‍ය වයස දැන ගැනීමට වාට්ටු බාර වෛද්‍යවරයා සමත්වී තිබේ. 

නමුත් ඇය දරු ප්‍රසූතියට පෙර ගැබිණි සායන වලට සහභාගි වී ඇතත් එහිදී සත්‍ය වයස හෙලි කර නැති බවද අනාවරණය වී ඇත. 

කෙසේ වෙතත් මීගමුව මහ රෝහලේ 10 වාට්ටු බාර වෛද්‍යවරයා විසින් කොස්වත්ත පොලීසියට මේ බව දන්වා තිබේ. 

ඒ අනුව බාලවයස්කාර දැරිය සමග වසරක පමණ කාලයක් අඹු - සැමි ඇසුරක් පවත්වමින් පවුල් ජීවිතයක් ගත කළ බව කියන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

බාල වයස්කාර දැරියක් දුෂණය කිරීමේ චෝදනාව යටතේ සැකකරුට එරෙහිව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරන බව කොස්වත්ත පොලීසිය කියයි. 

සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

කොස්වත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos