-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලංකා හමුදාව හා එල්.ටී.ටී.ඊ.සංවිධානය අතර පැවති අවසන් සටනේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන්, ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම සඳහා රුපියල් මිලියන දෙසීයකට ආසන්න මුදලක් හෙවත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 15ක් පමණ අවශ්‍ය බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් තක්සේරු කර ඇති බවට වාර්තාවේ.
මෙම අරමුදල සොයා ගැනීම සඳහාත් එය කෙසේ කළ යුතුදැයි යන්න පිළිබඳවත්, එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් කාර්යාලය පසුගියදා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත් 'අද' පුවත්පතට වාර්තාවේ.
මෙම පරීක්ෂණය සඳහා වූ අරමුදල වෙනුවෙන් කැනඩාව, බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව මුදල් ප්‍රදානයන් ප්‍රමාණයක් ලබා දීමට හා අවශ්‍ය මුදල් ප්‍රමාණය සොයා ගැනීමේ කාර්යයට නායකත්වය දීමටද ඉදිරිපත්වී ඇති බවත් වාර්තාවේ. මේ අතර කොටි හිතවාදී ඩයස්පෝරාවට අයත් සංවිධාන කීපයක් ද මෙම මුදල් සපයා දීම සඳහා සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වී ඇතැයි ද ආරක්ෂක බුද්ධි අංශ සඳහන් කරයි.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ අවසන් සටනේදී සිදුවූ බව කියැවෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන්, පරීක්ෂණ පැවැත්වීම සඳහා පත්කිරීමට නියමිත ජාත්‍යන්තර පරීක්ෂණ කමිටුව හා එම කමිටුවේ කාර්ය භාරය පිළිබඳ නිවේදනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් මේ මස අවසානයේදී නිකුත් කරනු ඇතැයි මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශකයෙක් ජගත් මාධ්‍යයට ප්‍රකාශ කළේය. අදාළ පරීක්ෂණ කමිටුව පත්කිරීමේ කටයුතු ද මේ වන විටත් ආරම්භ කර ඇති බවට ද වාර්තාවේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos