-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගැහැණු දරුවන් පාසල් යනවාට වඩා ඔවුන් විවාහ කරවීම යෝග්‍ය බවත්, ‍දෙවියන්ගේ වත්කමක් වන පැහැරගත් ගැහැණු ළමයින් විකිණීමට දෙවියන් තමන්ට උපදෙස් දී ඇති නිසා තමන් ඒ උපදෙස් පිළිපදින බවත් ඉස්ලාමීය අන්තවාදී බෝකෝ හරාම් ත්‍රස්ත සංවිධානයේ නායක අබුබකර් ෂෙකාව් වීඩියෝවක් ප්‍රකාශයට පත්කරමින් අනතුරු අඟවයි.
පසුගිය අප්‍රේල් 14 වැනිදා උතුරුදිග නයිජීරියානු ප්‍රාන්තයක් වූ බොර්නෝ හි චිබොක් ද්විතීයික පාසලේ නේවාසිකාගාරයෙන් ගැහැණු දරුවන් පැහැරගෙන ගොස් තිබුණු අතර, මේ දක්වා දරුවන් කිහිප දෙනෙකු මුදාහැර තිබුණත්, 200කට වැඩි සෙසු පිරිස පිළිබඳ තොරතුරක් නොවීය.
නයිජීරියානු ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් වන බෝකෝ හරාම් සංවිධානය මෙම වීඩියෝවත් සමග ප්‍රථම වරට තමන් එකී ගැහැණු දරුවන් පැහැරගත් බව පිළිගෙන තිබේ.
දැනට පවතින තොරතුරු අනුව ගැහැණු දරුවන් 230ක් පමණ අතුරුදන්ව සිටින අතර, මේ සම්බන්ධයෙන් එම දරුවන්ගේ දෙමවුපියන් හා ඥාතීන් ඉතා බලවත් ලෙස නයිජීරියානු රජයට චෝදනා කරමින් සිටින්නේ දරුවන් බේරා ගැනීමට කිසිවක් නොකරන බව පවසමිනි.
නයිජීරියාව තුළ බෝකෝ හරාම් ත්‍රස්ත සංවිධානය 2009 වසරේ සිට ප්‍රචණ්ඩක්‍රියා අවුලුවමින් සිටින අතර, ඔවුන් අල්ඛයිඩා සංවිධානය සමග සබඳතා පවත්වන සංවිධානයකි.
බටහිර අධ්‍යාපනය තහනම් කළ යුතු බව මෙයින් අවධාරණය කරන බව පවසන බෝකෝ හරාම් අන්තවාදී ඉස්ලාමීය සටන්කාමීන් මීට පෙරද උතුරුදිග නයිජීරියාවේ අධ්‍යාපන ආයතන රැසකට පහර දෙමින් අමු අමුවේ දරුවන් මරා දැමීය.
මේ අතර, අද නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිර ප්‍රකාශකයෙක් කියා සිටියේ ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා එරට ආරක්ෂක මණ්ඩල සැසියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, මෙම ගැහැණු දරුවන් බේරා ගැනීමට ඇමෙරිකාව උදව් කිරීමට උත්සාහ කරන බවත්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos