විදුලි පාරිභෝගිකයින්ට රතු නිවේදනය නිකුත් කිරීමෙන් පසු විදුලිය විසන්ධි කිරීමට පෙර ජංගම දුරකථන හරහා එස්.එම්.එස්. පණිවුඩයක් මගින් බිල්පත ගෙවීමට සිහිපත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත.මේ සම්බන්ධයෙන් දුරකථන සමාගම් සමග සාකච්ඡා කරමින් සිටින බවත් සාකච්ඡාවලින් පසු මෙය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ත් විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බි. ගනේගල මහතා ප්‍රකාශ කළේය. මෙය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී විදුලි පාරිභෝගිකයින්ගේ දුරකථන අංක රැස් කිරීමේ කටයුතු ආරම්භ කරන බව ද ගනේගල මහතා ප්‍රකාශ කළේය.
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media






