-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රුපියල් කෝටියක් පමණ වටිනා සිය රත්රන් මාලය නැතිවීම සම්බන්ධයෙන් ගාල්තැන්නේ දේවාලයක් පවත්වාගෙන යන දේවගැතිවරයෙකු ලෙස හදුන්වා ගන්නා ගාමිණී ආනන්ද නමැත්තා තවදුරටත් නීතියේ පිළිසරණ පතමින් ඇතැයි වාර්තා වනවා.

තලාතුඔය පොලීසිය සදහන් කළේ අදාළ රත්රන් මාලය සොයාදීම සදහා මේ වනවිට පරීක්‍ෂණ කි‍්‍රයාත්මක බවයි. ගාමිණී ආනන්ද නමැත්තාගේ රත්රන් මාලය අන්සතුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීම සදහා ලබන බ‍්‍රහස්පතින්දා මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බවද තලාතුඔය පොලීසිය පැවසුවා.

දේවාලයට නිතර යන එන පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්‍ෂ 10 ක ණය මුදලක් ලබාදීමට ගාමිණි ආනන්ද නැමැත්තා මැදිහත්වී තිබෙනවා. එම මුදල ආපසු නොලැබුණු නිසා එම පුද්ගලයා සිය රුපියල් ලක්‍ෂ 10 නැවත තමන්ට ලබාදෙන ලෙස බලපෑම් කර ඇත්තේ දේවගැතිවරයෙකු ලෙස හදුන්වා ගන්නා ගාමිණි ආනන්ද නමැත්තාටයි.  එහිදී ඔහු තමන් සතු රුපියල් කෝටියක් පමණ වටිනා රත්රන් මාලය මුදල් ලබාදුන් පුද්ගලයාට ලබාදී තිබෙනවා.

අනතුරුව මුදල් ලබාගත් පුද්ගලයා අදාළ මුදල පියවීමට කි‍්‍රයාකර ඇතත් මුදල් ලබාදුන් පුද්ගලයා ප‍්‍රකාශ කර ඇත්තේ තමන් රුපියල් ලක්ෂ 10ක් නොව රුපියල් ලක්‍ෂ 15 ක් පමණ ලබාදුන් බවයි. එමෙන්ම ගාමිණී ආනන්ද නමැත්තාගේ රත්රන් මාලයක් තමන් ලබානොගත් බවද ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා. ඉන් අනතුරුවයි දේවගැතිවරයෙකු ලෙස හදුන්වාගන්නා ගාමිණී ආනන්ද නමැත්තා තලාතුඔය පොලීසියට පැමිණිලි කර ඇත්තේ. අදාළ රත්රන් මාලය ලබාගත් පුද්ගලයා හෝ සිය රත්රන් මාලය තිබෙන තැනක් හෝ කිසිදු කරුණක් ගාමිණී ආනන්ද නමැත්තා නොදන්නා බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.

අසරණ බවට පත් ජනතාව තවත් අසරණ කරමින් හොරු අල්ලා දෙන බවට නඩු හබ දිනවා දෙන බවට මෙන්ම විරුද්ධවාදීන් නසන බව පවසමින්  පඬුරු ලෙස ජනතාවගෙන් රන් පවුම් ලබාගත් මෙම ජාවාරම පිළිබදව බැලූම්ගල වැඩසටහන් රැසක් මගින් අනාවරණය කෙරුණා.

ගාමිණි ආනන්ද නැමති මොහු පවත්වාගෙන යන ගාල්තැන්න දේවාලයට බැලූම්ගල කණ්ඩායමේ සාමාජිකයින් වරින් වර ගොස් මොහුට කිසිදු බලයක් නොමැති බව ඉතාමත් පැහැදිලිව පෙන්වාදුන්නා. අද වන විට එහි සත්‍යතාව මනාව පෙන්නුම් කරමින් හොරු සෙවීමට ගාල්තැන්න දේවාලයට කිසිදු බලයක් හෝ වරමක් නොමැති බැවින් ගාමිණි ආනන්දට නීතියේ පිලිසරණ පැතීමට සිදුව තිබෙනවා. (Nethfm)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos