-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විදේශ රැකියාවක වසර අටක් නිරතව මෙරට පැමිණි තරුණයෙකු අසල්වැසි නිවසක පැවැති කොටහලු මංගල්‍ය සාදයේදී නැටුමකදී කකුලක් පෑගීමෙන් ඇති වූ හබය දුරදිග ගොස් ඝාතනයට ලක්විය.
පයාගල ‍පොලිස් වසමේ ඇටහින්න මුණසිංහගොඩ මග්ගොන ප්‍රදේශයේදී මෙය සිදුවුණි.
 මෙසේ අකාලයේ ජීවිතක්ෂයට පත් වූයේ ජී.ඩී.තුසිත ප්‍රබෝධ ජයවර්ධන (27) නමැති අවිවාහක තරුණයෙකි.
 සිව් දෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් පිරිමි දරුවා වූ තුසිත ප්‍රබෝධ ‍පොතුවිල මහ විදුහ‍ලේ අධ්‍යාපනය ලබා ඉන් අනතුරුව බේරුවල මොරගල්ල සංචාරක හෝටලයක රැකියාවක නිරතව සිටියදී දෝහා කටාර් රාජ්‍යයේ රැකියාවට යන්නේ තම පවු‍ලේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණෙනි.
 විදේශ රැකියාවේ වසර අටක් (8) සේවයේ නිරතව මෙරටට පැමිණි මාස අටක කාලයක් වේ. කාලය ගෙවීයමින් සිටියදී අසල්වැසි නිවසක කොටහලු මංගල්‍ය සාදයකට පසුගිය වෙසක් ‍පෝය දිනයට පසුදින 15 දින රාත්‍රියේ තුසිත එක්වූයේ ඔහුගේ ජීවිතයේ අවසන් රාත්‍රිය එය බව නොදැනය. මියගිය තුසිත ප්‍රබෝධගේ පියා ජී.ඩී.පද්මසිරි ජයවර්ධන මහතා මෙසේ කීය.
 “එදා ඔය කොටහලු මඟුල් ගෙදරට අපිත් සහභාගි වුණා. මඟුල් ගෙදරට පුතාත් මුදල් වියදම් කරලා යම් යම් දේවල් අරන් දුන්නා.
 සාදය අතරතුර ඇති වූ හබයක් නිසා පුතා මෙලොව හැර ගියා. මටත් මගේ අනෙක් පුතාටත් මෙහිදී තුවාල සිදුවුණා. මගේ පුතාට මේ මරණය සිදුවුණ බව මම ඒ වෙලාවේ දන්නවනම් මමත් පුතා ගිය ලෝකයට යනවා. මගේ අත්දෙකම කඩු පහරවල් වැදිලා කැපිලා තියෙන්නේ. පුතාට විතරක් අපරාධකාරයෝ කඩුපහරවල් 18ක් ගහලා තියෙනවා. මෙහෙම කරන්න පුතා කළ වරද කුමක්ද?
මේ මාසේ 19 දින පුතා නැවත විදේශගත වීම සඳහා වෛද්‍ය පරීක්ෂණයට යන්න හිටියේ. ඉතින් ඒ 19 වෙනිදා තමයි පුතාගේ අවසන් කටයුතු කරන්නේ. මම කොහොමද මේ දුක වාවන්නේ”. මියගිය තුසිත ප්‍රබෝධ ජයවර්ධනගේ අවසන් කටයුතු සියලු දෙනාගේ සෝ සුසුම් මැද පයාගල කැන්දගහවිල ‍පොදු සුසාන භූමියේදී ඉකුත් සඳුදා දින සිදුකෙරින.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos