ඇමැති ආරක්ෂක අංශයෙන් නියෝජ්‍ය ඇමැතිවරයකුට සැපැයුණු හිටපු පොලිස් පරීක්ෂකවරයෙක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් රසංත ගොඩවෙල මහතා විසින් සිකුරාදා (9 ) වන තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ප්‍රදීප් ක්‍රිෂාන්ත කස්තුරිආරච්චි නම් එම සැකකරු ව්‍යාපාරික කාන්තාවට තර්ජනය කළැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
සැකකරු එම ව්‍යාපාරික කතට රුපියල් හැත්තෑ ලක්ෂයක් ණය දී ඒ වෙනුවට රුපියල් කෝටියක් පොළිය ද සමග ලබාගෙන ඇතැයි ද, ඔහු ඇගෙන් තවත් මුදල් ගැනීමට යතියි ද, එසේ කරනුයේ ඇගෙන් හිස් කොලවලට ලබා ගත් අත්සන උපයෝගී කර ගැනීමෙන් යැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.
මුදල් ගෙවීමට නොහැකි නම් තමා සමග සම්බන්ධයක් ඇති කර ගන්නැයි ඔහු යෝජනා කළ බවත්, ඊට අකමැති වූ තමා එම තොරතුරු මාධ්‍යයට හෙළි කිරීම සඳහා මාධ්‍ය ආයතනයකට ගොස් ඇති බවත් ඊට එරෙහිව ඔහු තමාට මරණ තර්ජන කර ඇති බවත් ඇය පවසා ඇත.