වැලිගම මිරිස්ස ධීවර වරායේදී පිහියෙන් කපා තුවාල සිදු කළ පුද්ගලයකු මාතර රෝහලේ දී ජීවිතක්ෂයට පත්වෙයි.
පසුගිය 6 වනදා පස්වරුවේ මෙම පුද්ගලයා කැපුම් තුවාල සහිතව මාතර රෝහලට ඇතුළත් කර තිබේ.
මරණකරු වයස අවුරුදු 36 ක්වූ මීරියවැල්ල පාර මිරිස්ස ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු මිරිස්ස ධීවර වරායට ත‍්‍රීරෝද රථයකින් යමින් සිටියදී ත‍්‍රීරෝද රථය හරස් කර පුද්ගලයින් තිදෙනෙකු විසින් පිහි වලින් මරණකරුට පහර දී ඇති බවට විමර්ශණයේදී අනාවරණය වී ඇත.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගෙන ඇති අතර මේ වන විට මොවුන් ප‍්‍රදේශය හැර ගොස් සිටියි. මරණකරු සහ සැකකරුවන් තල්මසුන් බැලීම සඳහා විදේශ ජාතිකයින් බෝට්ටු වලින් ප‍්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදු කර ඇත.