මුස්ලිම් ආගමට සිදුවෙතැයි කියන අකටයුතුකම් පිළිබඳව මේ දිනවල කරළියට පැමිණ අදහස් දක්වන චරිතයකි. මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි. සිය ආගමට අනුව ක‍්‍රියා නොකරන මුස්ලිම් දේශපාලන නායකයින්ද දැඩි ලෙස විවේචනය කරන අසාද් සාලි ඉරිදා ලංකාදීපය සමග මෙසේ සිය අදහස් දැක්වීය.
Source: lankadeepa
අසාද් සාලි නැවතත් කරළියේ කතාබහට ලක්වන චරිතයක් වෙලා....
ඇතිවෙලා තියෙන අසාධාරණ තත්ත්වය දැන් බලාගෙන ඉන්න බැරි තරමට ඇවිල්ලා. අවුරුදු දෙකක් විතර තිස්සේ සුළු ජාතිකයින්ට සිදුවන අක‍්‍රමිකතා සහ ප‍්‍රශ්නවලට ආණ්ඩුවෙන්වත් කොහෙන්වත් විසඳුමක් ලැබෙන පාටක් නෑ. ඒ ප‍්‍රශ්න කතා කරන්න කවුරු හරි ඕනෑ. ඒ වෙලාවෙ තමයි අසාද් සාලි කියන චරිතය කරළියට එන්නේ. මම අසාධාරණයට එරෙහිව කවදත් පෙනී හිටපු චරිතයක්.
දැන් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය අන්තිම භයානකයි. රටේ සාමාන්‍ය පොලිසිය තමන්ගේ රාජකාරිය හරි හැටි ඉටු කළා නම් මොකටද ආගමික ගැටුම් නිරාකරණය කරන්න විශේෂ පොලිස් ඒකක පිහිටුවන්නේ.
අද මේ ප‍්‍රශ්නය නිසා රටේ ආගමික සංහිඳියාව වර්ධනය වෙනවා වෙනුවට සිද්ධවෙන්නේ ප‍්‍රශ්න තවත් වැඩිවන එක විතරයි. අපි විශ්වාස කරන දෙයක් තමයි හැම ආගමික ස්ථානයක්ම පිහිටුවීමේ දීම අදාළ නීතිරීති මාලාවක් තියෙන්න ඕනෑ කියලා. කිසිම ආගමකට හිතුමතේ පංසල් පල්ලි කෝවිල් ඕනැ ඕනැ තැන්වල හදන්න දෙන්න හොඳ නෑ. එහෙම ක‍්‍රමවේදයක් තිබුණ නම් මේ ප‍්‍රශ්න මේ තරම් දුරදිග යන්නෙ නෑ. එහෙම වුණා නම් කාටවත් නිල නොවන පොලිසියක් හදන්න ඕන නෑ. බොදු බල සේනාවේ ස්වාමීන් වහන්සේ තමන් නිල නොවන පොලිසිය කියලා කියාගන්න නිසා තාම ඇක්ෂන් එකක් අරගෙන නෑ. බැරිවෙලාවත් අපි ඔය වගේ කතාවක් කිව්ව නම් මම නැවත වතාවක් හිරේ දාලා.
.jpg)
නැතුව. මේ පිටුපස ආණ්ඩුව නැත්නම් මේ කණ්ඩායම් එළිපිට චණ්ඩිකම් කරන්නෙ කොහොමද මෙහෙම. ඒක අපි කියන්නේ හේතු ඇතිව. එදා ගාලූ හයිවේ එකේදී ඇතිවුණු සිද්ධියේ දී අපි ඒක දැක්කා. එදා එතන රාජකාරි කරපු පොලිස් නිලධාරිය බොදු බල සේනා සංවිධානයේ ස්වාමීන් වහන්සේලාගෙ වාහනය හයිවේ එකේ යන්න සුදුසු තත්ත්වයේ නෑ කිව්වම ඒ අයට බැන්නේ ”තම්බියා” ”හම්බයා” කියලා. එදත් එහෙමයි. එදා කැඩිච්ච වාහනේක ගියපු ඒ අය අද යන්නෙ වාහන පිරිවරාගෙන. මේවා කාගේ අනුග‍්‍රහයෙන් ලැබුණු ඒවද?
.jpg)
ඒ ඞීල් එකේ ස්වභාවය මොකක්ද කියන්න අපි දන්නෙ නෑ. නමුත් ආණ්ඩුවෙ සපෝට් එක නැත්නම් මේ ගොල්ලන්ට මෙච්චර හයියක් කොයින්ද? විල්පත්තු ගිහින් මුස්ලිම්වරුන්ට බැණවැදිලා එයාලා හැසිරුණේ කොහොමද? එතකොට මහා නායක හාමුදුරුවො මුණගැහිලා එනකොටත් මේ අය ගම්පොල පල්ලියක් ඇතුළට කඩා වැදිලා සර්ච් කරනවා. මේ අයට තියෙන හයිය මොකක්ද තැන් තැන්වලට බලහත්කාරයෙන් කඩා වදින්න. අපි උන් වහන්සේලාට කියනවා පල්ලිවලට රිංගන්න කලින් පංසල් ටික බලාගන්න කියලා. කොච්චර පංසල් ප‍්‍රමාණයක් ගරාවැටිලා තියෙනවද? ඒවා නඩත්තු කරන වැඩපිළිවෙළක් හදන්න. මෙයාලා සැප වාහනවල ගියාට දානෙ වේල හම්බවෙන්නෙ නැති පංසල් ඈත ගම්වල තියෙනවා. ඔක්කොටම ඉස්සෙල්ලා ඒවා ගැන බලන්නකො.
ආණ්ඩුව කරන කොච්චර දුරාචාර තියෙනවද විරුද්ධ වෙනවනම්. බාර් ලයිසන් 500 කට වැඩිය අලූතෙන් දීලා. කැසිනෝ පනතත් සම්මත කරගත්තා. මේ තරම් දේවල් සිද්ධවෙද්දි නැති ප‍්‍රශ්න ඇති කරන්න එපා කියලා අපි මේ හාමුදුරුවන්ට කියනවා.
.jpg)
ඒක අසාධාරණයක් නෙවෙයි. බොදු බලසේනා සංවිධානය කියන ප‍්‍රශ්නයක් එතන නෑ. විල්පත්තුවෙ මුස්ලිම් මිනිස්සු සත්තු එක්ක ජීවත් වෙන්නෙ නෑ. මේ අය මේ සිද්ධිය ගැන වැරදි මතයක් රටට දෙන්න උත්සාහ කරන්නේ. ආණ්ඩුව මේ ප‍්‍රශ්නය ඇති කළේ නැත්නම් දැන් මොකද මේ අයට වෙන තැනකින් ගෙවල් දෙන්න හදන්නේ. උතුරු නැගෙනහිර මුස්ලිම් ජනතාව තමන්ගෙ ඉඩම් නැති කරගත්ත කොටසක්. සුනාමියේදී ගෙවල් අහිමි සිංහල, දෙමළ අයට ගෙවල් දුන්නා. ඒත් සෞවුදි අරාබියෙන් හම්බවෙච්ච අම්පාරෙ ගෙවල් 550 දුන්නෙ නෑ මුස්ලිම් ජනතාවට. රිෂාඞ් බදියුදීන්ගෙ ක‍්‍රියාකලාපය වැරදි නම් ආණ්ඩුව එයාට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කරන්න එපායැ. එයා ආණ්ඩුවෙ ඇමති කෙනෙක්. ආණ්ඩුව කරන්න ඕනැ ප‍්‍රශ්නයක් ඇතිවුණු ගමන් ඒවා විසඳන්න. ඒ වෙනුවට ආණ්ඩුව කරන්නේ එක එක කණ්ඩායම් ෆෝම් කරවලා මිනිස්සු කොටවන එක. මේක ආණ්ඩුවක්ද? මේක ආණ්ඩුවක් නෙවෙයි පාණ්ඩුවක්.
.jpg)
මේ විශේෂ පොලිස් යුනිට් එක නෙවෙයි. සමස්ථ පොලිසිය ගැනම සුළු ජාතිකයින් හැටියට අපට කිසිම විශ්වාසයක් නෑ. පසුගිය කාලය පුරාම සිද්ධවුණු සිද්ධිවල දී පොලිසිය ක‍්‍රියාකරපු ආකාරය දිහා බැලූවාම පොලිසිය ගැන කිසිම විශ්වාසයක් හෝ ප‍්‍රසාදයක් තියන්න බෑ. මේ හැම තැනකදීම පොලිසිය නීතිය හා සාමය ක‍්‍රියාත්මක කරනවා වෙනුවට අත්දෙක බැඳගෙන බලාගෙන හිටියා. මේ තැන්වල පොලිසියේ උසස් නිලදාරීන් පවා හිටියා.
සුළු ජාතිකයින්ගේ ප‍්‍රශ්න කතා කරන්න ඇටර්නි ජනරාල් ඩිපාර්ට්මන් එකෙන් යූ.එන්. එකට යවලා තිබුණෙ මෙරින් පුල්ලෙ කියන මහත්තයා. එයා යූ.එන්. එකේදී කිව්වෙ එයාලා හැම සිද්ධියක් ගැනම පරික්ෂණ පවත්වලා අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගත්තා කියලා. එදාම මම මාධ්‍යයට කිව්වා මෙරින් පුල්ලෙ කියන විදියට මේ සිද්ධි ගැන කවුරු හරි අත්අඩංගුවට අරගෙන තියෙනව නම් විශේෂයෙන් පල්ලිවලට ගහපු කවුරු හරි අත්අඩංගුවට අරගෙන තියෙනව නම් මම ඉල්ලා අස්වෙනවා කියලා. ඒ අභියෝගයටවත් එතුමා උත්තර දුන්නෙ නෑ. මෙයාලා රටට එකක් කියලා ජාත්‍යන්තරයට තව එකක් කියනවා. ඉතින් මේ අලූතෙන් දාපු පොලිස් ඒකකය ගැන අපි කොහොමද විශ්වාසයක් තියන්නේ.
.jpg)
ඔව් එහෙම වෙනවා. මම අහන්නේ මුන්ට පිස්සුද කියලා. මේ ජනාධිපති මොනවා කළාටද ඔය සම්මාන දෙන්නෙ. තමන්ගෙ රටේ මුස්ලිම් ජනතාවට ගහන්න, තර්ජන කරන්න තවත් කණ්ඩායම් වලට අනුග‍්‍රහය දෙන එකටද කියලා අපි අහනවා. මම නම් කියන්නේ මේ මුස්ලිම් රටවල්වලට පිස්සු හැදිලද කොහෙද. මම මුස්ලිම් ජාතික මන්ත‍්‍රීවරයෙක් හැටියට පැහැදිලිවම කියන්නේ මේ මුස්ලිම් රටවල් කරන්නෙ පිස්සු වැඩක් කියලා. ජාතිවාදය පතුරුවන ආණ්ඩුවක් තියෙන රටක නායකයෙකුට මොකද සම්මාන දෙන්නෙ? අපි මේ ගැන ජාත්‍යන්තරයට අපේ විරුද්ධත්වය ප‍්‍රකාශ කරනවා. වෙන කිසිම නායකයෙකුගෙ කාලයේ මේ තරම් දේවල් සිද්ධ වුණේ නෑ.
බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට පුළුවන් වුණා ඉන්දියාව තුනට කඩන්න. ලංකාවටත් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඇවිල්ලා ලංකාවත් කෑලිවලට කඩන්න හැදුවා. එතකොට සිංහල, දෙමළ, මුස්ලිම් නායකයො එකා වගේ එකතුවෙලා කිව්වේ අපේ රට කෑලිවලට කඩන්න ඕනැ නෑ, කරුණාකරල අපේ රට ඞී.එස්. සේනානායකගෙ අතට බාරදීලා යන්න කියලා. එහෙම සමගි අතීතයක් තිබුණු රටක් මේක.
.jpg)
මේ ආණ්ඩු පොදු අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙයි කියලා හිතපු හැමදෙනාම නැති කරන්න උත්සාහ කළා. අලූත්ම චරිතය තමයි මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ. මේ ආණ්ඩුව පසුගිය කාලය තිස්සේ කළේ රටේ ජනතාව අතර සිවුර අපකීර්තියට පත්කරන්න. සිවුරු ඇඳගත් අය කලහකාරී විදියට හැසිරෙනකොට ජනතාවට හාමුදුරුවරු එපා වෙනවා. ආණ්ඩුව මතයක් හදන්න යනවා හාමුදුරුවරු නිසා තමයි රටේ ප‍්‍රශ්න ඇතිවෙන්නෙ කියලා. බෞද්ධ ධර්මයට විරුද්ධවයි ආණ්ඩුව ක‍්‍රියාදාමයක් ගෙනල්ලා තියෙන්නේ. හාමුදුරුවරුන්ට රටේ මිනිස්සු බය වෙනවා නම් මොකක්ද තත්ත්වය. මේ සියල්ලටම වග කියන්න ඕනෑ මේ ආණ්ඩුව.
.jpg)
තව්යිජ් අමාද් කියලා කණ්ඩායම කොටස් කීපයක් තියෙනවා. ඒ එක කල්ලියක් තමයි ඔය 15 දෙනාගෙ කල්ලිය. එයාලා පොඩි පිරිස්වලට කතා කරලා වීඩියෝ අන්තර්ජාලයට මුදාහරිනවා. මේකෙ ප‍්‍රධානියා ඉන්දියාවෙ ඉන්න පී.ජී. කියලා කෙනෙක්. එයා තමයි ලංකාවෙ ඉන්න මේ කල්ලිය මෙහෙයවන්නේ. මේකත් කුමන්ත‍්‍රණයක්. රට බෙදන්න මේ ආගමික අන්තවාදී කණ්ඩායම් ක‍්‍රියා කරනවා. හැම ආගමකටම අයත් අන්තවාදී කොටස් ඉන්නවා. අපි මේ සියල්ල හොයාගෙන තියෙන්නෙ. මේවා ජාත්‍යන්තර වුවමනාවන්ට සිද්ධවෙනවා වෙන්නත් පුළුවන්.
.jpg)
මේ පැමිණිලිවලට කිසිම ඇක්ෂන් එකක් ගන්නෙ නෑ කියලා දැන දැනම තමයි මේවා අපි දැම්මෙ. එහෙම කළේ නැත්නම් පස්සෙ ආණ්ඩුව කියයි අපි විශේෂ පොලිස් ඒකකයක් පිහිටෙව්වා, ඒත් ඒකට කිසිම පැමිණිල්ලක් ආවෙ නෑ කියලා. ජනාධිපතිතුමා රටට එකක් කියලා ජාත්‍යන්තරයට තව එකක් කියන කෙනෙක්. අපි ඒක කළේ අපේ බේරුමට. නැතුව ඒ පිළිබඳ ඉන්වෙස්ටිගේෂන් සිද්ධ වෙයි කියලා නෙවෙයි.
.jpg)
ඒ මිතුරුකම තිබුණේ මාස හතරයි.
ඇයි හාදකම නැවතුනේ?
2010 එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේත් මම ප‍්‍රකාශ කළා සරත් ෆොන්සේකා මුස්ලිම් ජනතාවට විරුද්ධව යම් යම් ප‍්‍රකාශ නිකුත් කළා කියලා. ඒ සිද්ධිය එක්ක තමයි මාව එක්සත් ජාතික පක්ෂයෙන් අයින් කළේ. එතකොට ජනාධිපතිවරණයේදී මම කාටහරි සහයෝගය දෙන්නත් ඕනෑ. මට සරත් ෆොන්සේකාට සහාය දෙන්න බැරි නිසා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වැඩ කළා. එයා එක්ක චොපර් එකෙත් ඒ දවස්වල මම ගියා. ඒත් මාස තුන හතර යනකොට මට තේරුණා එතුමගෙ ඇත්ත තත්ත්වය. දඹුල්ලෙ මුස්ලිම් පල්ලියට ගහන්න යද්දි මම එතුමට කතා කළා. මම කිව්වා මේක වහාම නවත්වන්න කියලා. එතුමා කිව්වෙ තමුසෙලාගෙ වැඬේම පල්ලි හදන එකනේ ඕයි කියලා. එදා තමයි මම දැක්කෙ එතුමගෙ නියම ස්වරූපය. ඒ ජාතිවාදී ස්වරූපයට මම කැමති නැති නිසා මම එතනින් වහාම අයින් වුණා.
2010 එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේත් මම ප‍්‍රකාශ කළා සරත් ෆොන්සේකා මුස්ලිම් ජනතාවට විරුද්ධව යම් යම් ප‍්‍රකාශ නිකුත් කළා කියලා. ඒ සිද්ධිය එක්ක තමයි මාව එක්සත් ජාතික පක්ෂයෙන් අයින් කළේ. එතකොට ජනාධිපතිවරණයේදී මම කාටහරි සහයෝගය දෙන්නත් ඕනෑ. මට සරත් ෆොන්සේකාට සහාය දෙන්න බැරි නිසා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් වැඩ කළා. එයා එක්ක චොපර් එකෙත් ඒ දවස්වල මම ගියා. ඒත් මාස තුන හතර යනකොට මට තේරුණා එතුමගෙ ඇත්ත තත්ත්වය. දඹුල්ලෙ මුස්ලිම් පල්ලියට ගහන්න යද්දි මම එතුමට කතා කළා. මම කිව්වා මේක වහාම නවත්වන්න කියලා. එතුමා කිව්වෙ තමුසෙලාගෙ වැඬේම පල්ලි හදන එකනේ ඕයි කියලා. එදා තමයි මම දැක්කෙ එතුමගෙ නියම ස්වරූපය. ඒ ජාතිවාදී ස්වරූපයට මම කැමති නැති නිසා මම එතනින් වහාම අයින් වුණා.