-->
තම බිරිඳට පහරදී ඇය සතුව තිබූ රුපියල් ලක්ෂ 4ක් පමණ වටිනා මුදල් සහ දේපළ කොල්ලකෑ බව කියන සැමියෙකු හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ ඉකුත් 15 වෙනිදා හලාවත කාක්කපල්ලිය ප‍්‍රදේශයේදී මෙම පහරදීම සහ කොල්ලය සිදුව ඇති බවයි. කොල්ලකෑ මුදල් අතර විදේශීය මුදල් ඒකක ද වනවා.