හම්බන්තොට වනජීවී කාර්යාලයට ලැබුණු තොරතුරක් මත "හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායේ" දෙවන අදියරේ කටයුතු වල නියැළෙන චීන ජාතිකයින් වරාය පරිශ‍්‍රය තුල ලැගුම් ගෙන සිටි ලැගුම්හල් වල තිබී මෙරට දැඩි ආරක්ෂිත සතුන් වන කිරිඉබ්බන් 10ක්, කැබැල්ලෑ මස් කිලෝ 04 ක් සහ කිරි ඉබ්බන් ඇල්ලීමට යොදා ගන්නා මදු තොගයක් සමග චීන ජාතිකයින් 05 දෙනෙක් වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වේ.
වැටලීමේදී සොයාගත් කිරිඉබ්බන් 10 ක් අතරින් ඉබ්බන් 06 දෙනෙකු මරා අධිශීතකරණයක බහා තිබී ඇති අතර ඉතුරු සිව් දෙනා පණ පිටින් සිටියදී සොයාගෙන ඇත.