-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බළපිටිය කැස්‌බෑ සංරක්‍ෂණ මධ්‍යස්‌ථානයෙන් අධිකරණ නියෝගය මත දෙහිවල සතුන් වත්තට ලබාදුන් සුදු කැස්‌බෑවන් සිවුදෙනාගෙන් එකකු ඊයේ (21 වැනිදා) අලුයම මියගොස්‌ ඇත.
අධිකරණ නියෝග මත ලොකු සුදු කැස්‌බෑවන් දෙදෙනකු සහ කුඩා කැස්‌බෑවන් දෙදෙනකු සතුන් වත්තට භාරදී තිබූ අතර මියගොස්‌ ඇත්තේ කුඩා කැස්‌බෑවකු බව සතුන් වත්ත ආරංචි මාර්ග පැවසීය.

බළපිටිය ප්‍රදේශයේ පුද්ගලයකු විසින් නීති විරෝධීව පවත්වාගෙන ගිය කැස්‌බෑ සංරක්‍ෂණ මධ්‍යස්‌ථානයක සිටි සුදු කැස්‌බෑවකු අතුරුදන් වූ බවට එහි හිමිකරු ප්‍රකාශ කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදුකර කැස්‌බෑ සොරකමක්‌ සිදුවී නොමැති බව හෙළිකර ගැනීමෙන් අනතුරුව එම මධ්‍යස්‌ථානයේ සිටි සුදු කැස්‌බෑවන් සිවුදෙනකු අධිකරණ නියෝග මත සතුන් වත්තට බාරදීමට පියවර ගෙන තිබිණි.

සතුන් වත්තට කැස්‌බෑවන් රැගෙන ආවද කැස්‌බෑවන් රැකගැනීම පිළිබඳව මනා පුහුණුවක්‌ සහිත සේවකයන් එහි නොමැතිවීම මෙම කැස්‌බෑවා මියයැමට හේතුවක්‌ බව සතුන් වත්තේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවැසීය.

බළපිටිය සංරක්‍ෂණ මධ්‍යස්‌ථානයේදී එම කැස්‌බෑවන් මුහුදට ආසන්නයේ එළිමහන් පරිසරයක ජීවත් වූ අතර දෙහිවල සතුන් වත්තට රැගෙන ඒමෙන් පසු එම සතුන් මින්මැදුර තුළ මහජන ප්‍රදර්ශනය නොවන ලෙස තබා ඇතැයි පැවසේ.

එම නිසා ඉතිරි සතුන් තිදෙනාගේ ජීවිත ආරක්‍ෂා කර ගැනීමට නම් සතුන් වත්තේ බලධාරීන් තමන්ට පැවරී ඇති වගකීම ඉටුකළ නොහැකි බව අධිකරණයට දැනුම් දී සතුන් තිදෙනා සුදුසු ස්‌ථානයකට ලබාදීමට ඉක්‌මනින් පියවර ගත යුතු බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos