ශ‍්‍රී ලංකාවේ පුද්ගලයින් ලක්ෂයකින් 150දෙනෙකු පමණ ඇදුම රෝගය හේතුවෙන් මියයන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙරට ජනගහණයෙන් ලක්ෂ 20ක් පමණ ඇදුම රෝගයට ගොදුරු වී සිටින බවයි.
අදට යෙදී ඇති ලෝක ඇදුම දිනය නිමිත්තෙන් අද පැවති සම්මන්ත‍්‍රණයකදී මේ බව ප‍්‍රකාශ කෙරුණා.
නිවාස අභ්‍යන්තරයේ වාතාශ‍්‍රය දූෂණය වී තිබීම වර්තමානයේ ඇදුම රෝගය ඉහළ යාමට ප‍්‍රධාන හේතුවක් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී සඳහන් කළා.