ඉකුත් 27 වන දින පිටකොටුව ගුණසිංහපුරදී ගර්භණී මවක අනතුරට පත් කර පලා ගිය ජීප් රථය හඳුනා ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ මිය ගිය කාන්තාවගේ ස්වාමී පුරුෂයා පොලීසියට දුන් වාහන අංකයෙන් සැකකරු හඳුනා ගැනීමට හැකි වූ බව ය.
ඉකුත් විසි හත් වන දා සිදු වූ එම අනතුර CCTV කැමරාවල සටහන් වී තිබුණි.
සිද්ධියෙන් මිය ගියේ මහනුවර පුජාපිටිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ගර්භණී කාන්තාවකි.