-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අපරභාගයේදී  හෝ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ බොහෝ කොටස්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ත්‍රිකුණාමලය සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද තැනින් තැන වැසි ඇතිවිය හැකි බව පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට, එම ප්‍රදේශවල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැකි අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම, ඉදිරි පැය 24 සදහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය සලකා බැලීමේදී, ත්‍රිකුණාමලය සිට පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, රාත්‍රී කාලයේදී ද දිවයිනට බස්නාහිර සහ වයඹ දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන බවත්, සුළං වේගය පැ.කි.මීටර් 20-30ක් පමණ වන බවත්, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් පෙන්වා දෙයි.
සාමාන්‍යයෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.   

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos