-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉන්ධන ලබාගෙන මුදල් ගෙවීමෙන් පසු ඉතිරි මුදල් ලබාගැනීමට අමතක වී ගිය යතුරුපැදිකරුවෙකුට මීරිගම නගරයේ ඉන්ධන පිරවුම්හලක පොම්පකරු ඉන්ධන සහිත පොම්පය යතුරුපැදිකරුගේ මුහුණට එල්ල කිරීමෙන් රෝගාතුරුවී වතුපිටිවල රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම යතුරුපැදිකරු ඉන්ධන පිරවුම්හලට ගොස් රුපියල් දෙසීයක ඉන්ධන ලබාගත් පොම්පකරුට රුපියල් පන්සීයක මුදල් නෝට්ටුවක් ලබාදී ඇතත් එහි ඉතිරි මුදල වන රුපියල් තුන්සීයක මුදල ආපසු ලබාගැනීමට අමතක වී ඉන්ධන පිරවුම්හලේ සිට මීටර් 200ක් පමණ දුරක් ගොස් ඇත.

පසුව ඔවුන් ආපසු හැරී අමතක වූ රුපියල් තුන්සීය ලබා ගැනීම සදහා ඉන්ධන පිරවුම්හලට පැමිණ ඇති අතර එහිදී ඉන්ධන ලබාදුන් පොම්පකරුගෙන් අමතක වී ගිය ඉතිරි මුදල ඉල්ලා සිටි විට එය ලබාදීම ප‍්‍රතික්ෂේප කර ඇති බැවින් ඇති වූ කතා බහ දුරදිග යෑමෙන් ඉන්ධන පොම්පකරු ඉන්ධන සහිත ඉන්ධන සහිත පොම්පය යතුරුපැදිකරුගේ මුහුණට එල්ලකොට ඇත.

යතුරුපැදිකරුගේ ඇසට පෙට්ට‍්‍රල් වහනය වීම නිසා ඇස්දෙක ඇර ගැනීමට නොහැකිව ඔහු මීරිගම රෝහලටත් පසුව වතුපිටිවල රෝහලටත් ඇතුළු කොට ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos