-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දිවයිනේ ප්‍රදේශ රැසකට අකුණු අවදානමක්‌ සහ තද සුළං ඇතිවීමේ අවදානමක්‌ ඉදිරි දිනවල පවතින බැවින් විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අනතුරු ඇඟවීය.

විශේෂයෙන්ම බස්‌නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ යන පළාත්වලට සවස හෝ රාත්‍රි කාලයේදී අකුණු අනතුරු මෙන්ම තද සුළං තත්ත්වයන් බලපෑ හැකි බවත්, දිවයිනේ සෙසු ප්‍රදේශවලට දවසේ ඕනෑම වේලාවක මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ එස්‌. ආර්. ජයසේකර මහතා "දිවයින" ට පැවසුවේය.

අප්‍රේල් මාසයේ ගත වූ දින කිහිපය තුළ පුද්ගලයන් 6 දෙනකු අකුණු සර වැදීමෙන් මියගොස්‌ ඇති බවත් මේ වසරේ අකුණු අනතුරු හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 10 ක්‌ බවත් හෙතෙම පැවසීය.

මේ දිනවල වැසි නොමැති තත්ත්වයන් යටතේ ද අකුණු අනතුරු ඇතිවන බැවින් යන්තම් හෝ ගිගුරුම් සහිත බවක්‌ පවතින්නේ නම් හෝ අහස වැහි වලාකුළින් බරව පවතින්නේ නම් හෝ විදුලි උපකරණ විසන්ධි කොට අකුණු මගින් සිදුවිය හැකි හානිය වළක්‌වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඒ මහතා කීවේය.

විශේෂයෙන්ම රූපවාහිනී යන්ත්‍ර, විදුලි පංකා ගිගුරුම් සහිත අවස්‌ථාවලදී මුළුමනින්ම විදුලි පද්ධතියෙන් ඉවත් කර තැබිය යුතු වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos