-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


බුදු දහමට නිගා වන අන්දමින් නෙළුම් මලක වැඩ සිටින බුදුන් වහන්සේගේ රුව මහජනයාට හොඳින් පෙනෙන අන්දමින් දකුණු බාහුවේ (උරහිසේ) පච්ච කොටා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට තැත් කළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වහාම ඇගේ මව් රටට පිටුවහල් කිරීම සඳහා ඇය ආගමන විගමන පාලකගේ මිරිහාන රැඳවුම් කඳවුරට භාරදීමට මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා (21 වැනිදා) නියෝග කළේය.

පිටුවහල් නියෝග ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතික 37 හැවිරිදි මිචෙල් කැමලීන් නමැත්තියකි. ශ්‍රී ලංකාවට පැමිණි ඇය කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් ගුවන්තොටුපළ පොලිසිය ඇය අධිකරණය හමුවට පමුණුවා තිබිණි.

මෙහිදී පො.කො. (38226) දිසානායක මහතා සමඟ පැමිණිල්ල මෙහෙයවූ ගුවන් තොටුපළ පොලිසියේ සැරයන් (64057) ඩබ්ලිව්. ඒ. ඩී. වීරසිංහ මහතා මෙම බ්‍රිතාන්‍ය ජාතික කත නෙළුම් මලක වැඩ සිටින බුදුරුව පච්ච කොටා ගෙන ඇත්තේ මහජනයාට හොඳින් පෙනෙන පරිදි දකුණු බාහුවේ බවත් ඇය ශ්‍රී ලංකාවට ඇතුළු වුවහොත් මෙම තත්ත්වය මත විශාල මහජන කැළඹීමක්‌ ඇතිවීමට ඉඩ ඇති බවත් පැවසීය.

එම තත්ත්වය සැලකිල්ලට ගත් මීගමුව අතිරේක මහෙස්‌ත්‍රාත් තිලකරත්න බණ්‌ඩාර මහතා එම කත ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට නියෝග කළේය. බ්‍රිතාන්‍ය ජාතික කත වෙනුවෙන් නීතිඥ මහින්ද සුගතදාස මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා මහතා පෙනී සිටියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos