-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මීගමුවේදි සිදුවු මංකොල්ල පිලිබදව CCTV කැමරා පද්ධතිවල සටහන්ව ඇති රූපරාමු මාධ්‍ය ඔස්සේ විසුරුවා හැරිමත් සමගින් බොහෝ දෙනෙකු විසින් මහත් කුතුහලයෙන් විමසා සිටි පැනයක් විය.

එනම් මංකොල්ලකරුවන් අවිඅමෝරාගෙන සිටියදිම රතු හැදගත් හැඩිදැඩි පෙනුමක් ඇති අයෙක් පුෂ්පා රන්ආභරණ හල වෙත පැමිණේ, එහෙත් සන්නද්ධ මංකොල්ලකරුවන් ඔහුට කිසිවක් කරන්නේ නැත.

මේ පුද්ගලයා කව්දැයි මීගමුවේ ඊයේ පැවති ආරක්ෂක තත්වය පිළිබදව විශේෂ හමුවේදි පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ මහතා ප්‍රකාශ කර සිටියේ රතු ටිෂර්ටයක් ඇද ඇතුලට පැමිණෙන පුද්ගලයා මංකොල්ලකරුවන්ගේ කල්ලියේ අයෙකු වියහැකි බවට පොලිසිය සැකකරන බවත් ඔහු පිළිබදව අවශ්‍ය තොරතුරු ලබාගැනිම සදහා සියළු දෙනාගේ සහය පොලිසිය බලාපොරොත්තු වන බවත්ය.

මීගමුවේ පිහිටි පැරණි හා ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවි සලක් වු පුෂ්පා ජුවලරි ආයතනය කොල්ල කෑම සිදුවුයේ අප්‍රේල් 17 වෙනිදා රාත්‍රි 7.35 ට පමණය.

මීගමුව නගරයේ පසුගිය සමයේ සිදුකර ඇති ආන්දෝලනාත්මක මංකොල්ල දෙකම සිදුකර ඇත්තේ 17 වෙනිදාවක විම විශේෂත්වයකි. ජුවෙල් ලංකා ආයතනයේ මංකොල්ලය සිදුකෙරුනේ 2014 පෙබරවාරි 17 වෙනිදා දවල් 1.30 පමණය.

පුෂ්පා ජුවලරි ආයතනයේ මංකොල්ල සිදුකරන ලද අවස්ථාවේ නගරයේ කිසිදු වීදියක පොලිසිය නොසිටි බවට ව්‍යපාරිකයන් මෙන්ම මහජනයාද චෝදනා කරති.

2014 පෙබරවාරි 17 වනදා ජුවෙල් ලංකා මංකොල්ලයෙන් පසුව වුවද මීගමුව නගරය තුල සැලැසුම්ගත ආරක්ෂිත වැඩපිළිවෙලක් නොතිබුණ බවද ව්‍යාපාරිකයන්ගේ අදහසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos