-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මලයාසියානු පොලීසිය අතුරුදන් ගුවන් යානය මෙහෙය වූ නියමුවන් දෙදෙනාගේ දේශපාලන, පෞද්ගලික සහ ආගමික පසුබිම විමර්ශනය කිරීම ආරම්භ කර තිබේ.
මලයාසියානු පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ, අදාළ යානයේ ගමන් කළ කාර්ය මණ්ඩල සේවකයින්ගේ පසුබිම  කිරීම කෙරෙහි ද විමර්ශනවල නිරත නිලධාරීන්ගේ අවධානය ‍යොමු වී ඇති බව ය.
ගුවන් නියමුවන්ගේ සහ කාර්ය මණ්ඩලය කෙරෙහි විමර්ශකයින්ගේ අවධානය යොමු වීමට හේතු‍ව වී ඇ‍ත්තේ අදාළ යානය,  ගුවන් පථයෙන් මිදී පැය ගණනක් වෙනත් දිශාවකට පියාසර කර ඇති බව අනාවරණය වීමෙන් පසු ව ය.
එමෙන් ම යානය සොයා ‍ගැනීමේ සඳහා  මලයාසියානු රජය තව දුරටත් ජාත්‍යන්තරයේ සහය බලාපොරොත්තු වන බව එරට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.
මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මලයාසියානු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, අතුරුදන් යානයේ සන්නිවේදන පද්ධතිය යම් කිසි පුද්ගලයෙකු හිතාමතා ම අක්‍රිය කර ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බව ය.
කෙසේ වෙතත් මේ වන විට සතියක් ඉක්ම ගොස් ඇත ත් මගීන් 239 දෙනෙකු රැගෙන මලයාසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියසාර කරමින් තිබූ එම්.එච්. 370 යානයට කුමක් සිදුවූවේ ද? යන්න තව දුරට ත් අභිරහසකි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week