-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මැලේසියානු ගුවන් සමාගමට අයත් MH370 ගුවන් යානය අතුරුදන් වීමට පෙර එම මුහුදු කලාපයේ ගුවන් යානා 6ක් කිසිදු සලකුණක් නොමැතිව අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
මේ වන තෙක් එම අතුරුදන් වීම් අභිරහස් ලෙස පැවතීම වි‍ශේෂත්වයකි.
මෙම අතුරුදන් වීම්වල පළමු සිදුවීම වාර්තා වූයේ, 1932 වසරේදී ය.
මෙවර අතුරුදන් වීමට පෙර අවසන් වරට යානයක් අතුරුදන් වී ඇත්තේ, 1993 වසරේදී ය.
එම යානා පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු රැසක් පහත දැක්වේ.
Pan Malaysian Air Transport (1993)
මෙම යානය 1993 වසරේ ජනවාරි 31 වන දා උතුරු සුමාත්‍රා මුහුදු කලාපයේදී අතුරුදන් වී තිබේ.
එය ඉන්දුනීසියාවේ මීඩ්න් පොලෝනියා ගුවන් තොටුපොළ සහ බන්ඩා අචේ ගුවන් තොටුපොළ අතර පියාසර කරමින් තිබියදී අතුරුදන් වී ඇත.
එහි මගීන් 11 දෙනෙකු ඇතුළු 14 දෙනෙකු සිට ඇති අතර කිසිවෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී නැත.
Upali Air flight N482U (1983)  
Upali Air N482U දරන යානය 1983 වසරේ පෙබරවාරි 13 වන දින මැලේසියාවේ සිට කිලෝ මීටර් 20 ක් දුරින් මලක්කා සමුද්‍ර සන්ධිය ප්‍රදේශයේදී අතුරුදන් විය.
එය පෞද්ගලික ගුවන් යානයක් වූ අතර අතුරුදන් වන අවස්ථාවේ එහි මගීන් තිදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු සිට ඇත.
Learjet 35A වර්ගයේ යානයක් වූ එය ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා පියාසර කරමින් තිබියදී අතුරුදන් වී තිබිණි.
එහි ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ උපාලි විජේවර්ධන මහතා ද සිටි අතර මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.
Weather reconnaissance flight Swan 38 (1974)    
දේශගුණික තත්ත්වයන් පිරික්සීම සඳහා යොදවා තිබූ මෙම යානය 1974 වසරේදී බෙස් (Bess) සුළි කුණාටුව අතරතුර අතුරුදන් විය.
ඒ, දකුණු චීන මුහුදු තීරය ආශ්‍රිතව ය.
එහි ද කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු සිට ඇත.
Garuda Indonesia Airlines (1961)
ඉන්දුනීසියාවේ මධුරා දිවයින ආසන්න මුහුදු ප්‍රදේශයකදී මෙ යානය 1961 වසරේ පෙබරවාරි මස 3 වන දා අතුරුදන් විය.
එය අභිරහස් ලෙස අතුරුදන් වූයේ, යුවන්ඩා ගුවන් තොටුපොළ සහ සුල්තාන් සුලෙයිමාන් ගුවන් තොටුපොළ අතර පියාසර කරමින් තිබියදී ය.
මුහුදට කඩා වැටුණු බවට සැක කළ එම යානයේ මගීන් 21 දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙක් සිටියහ.
Charles Kingsford Smith’s Lady Southern Cross (1935)
චාර්ල්ස් කිංග්ස්ෆෝර්ඩ් ස්මිත් යනු ඔස්ට්‍රේලියානු ගුවන් නියමුවෙකි.
1935 වසරේ නොවැම්බර් මස 8 වන දා ඔහු සිටි යානය අන්දමන් දූපත් ආසන්න ගුවන් කලාපයේදී අතුරුදන් විය.
GW Salt and FB Taylor’s private plane (1932)     
ජී.ඩබ්ලිව්. සෝල්ට් සහ එ‍ෆ්.බී. ටේලර් යන ඉංග්‍රීසි ජාතික වැවිලිකරුවන් දෙදෙනා බුරුමයේ ගුවන් යානයකින් යමින් සිටියදී මාර්ටබන් බොක්ක ආශ්‍රිතව අතුරුදන් වූයේ, 1932 වසරේ අගෝස්තු 12 වන දා ය.
එම යානය මුහුදට කඩා වැටුණු බවට සැක කළ ද එහි සුන්බුන් කිසිවක් සොයා ගැනීමට හැකි වූයේ නැත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week