ෆේස්බුක් සිදුවීමක් මුල්කොට ගෙන සියදිවි නසාගත් කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ ඉගෙනුම ලැබූ වෙනූෂා ඉමන්දි බංඩාර සිසුවියගේ මරණයට හේතුවූ ජායාරූපය මේවන විට හෙළිව තිබේ.
අදාල ජායාරූපය ෆේස්බුක් සමාජයට එක්කර තිබුණේ ඈ හා සමඟ ඉතා කෙටි කලක සම්බන්ධයක් පැවැත්වූ බව කියන තරුණයෙක් විසිනි.
අදාල තරුණයා මේ ඡායාරූපය ඔහුගේ ෆේස්බුක් පිටුවට මුදාහැර ඇත්තේද වෙනූෂා හා ඔහුගේ ඇසුර බිඳීයාමෙන් පසුවය.
එම විදුහලේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතා ඇයට අසභ්‍ය වචනයක් යොදමින් දිගින් දිගටම බැණවැදී ඇත්තේ මේ ඡායාරූපය නිසා බවද පැවසේ.
විදුහල්පතිවරයා විසින් අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් තමන්ට සිදුකළා යැයි කියනු ලබන හිරිහැර හේතුවෙන් සියදිවි නසා ගන්නා බවට ලිපියක් ලියා තබා ඇය ඉකුත් 05 වැනිදා සියදිවි නසාගෙන තිබිනි.
වෙනුෂා නර්තනයටද ඉතා දක්ෂ සිසුවියක් වන අතර, ඇය පසුගිය වසරේ පැවති දෙරණ ස්ටාර් චැලෙන්ජ් තරගයේ කුරුණෑගලින් ආ ගායන ශිල්පියෙකුගේ පසුබිම් නර්තනය සඳහා දායක වී තිබේ.