-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අක‍්‍රියවී ඇති සිසිලන පද්ධතිය පිළිසකර කිරීම සඳහා හදිසි අභ්‍යවකාශ ඇවිදීම් 3ක් සැලසුම් කිරීමට නාසා ආයතනය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

පසුගිය සතියේදී අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පද්ධතීන් වල උෂ්ණත්වය පාලනය කරන සිසිලන පද්ධතියේ ඇති වළලූ දෙකින් එකක කපාටයක දෝෂයක් හටගත් අතර උෂ්ණත්වයන් උච්ඡවචනය වීම හේතුවෙන් එය ස්වයංක‍්‍රීයව ක‍්‍රියා විරහිත විය.

මෙම වළලූ තුළින් ඇමෝනියා වායුව සංසරණය වන අතර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය විසින් ඇතැම් විද්‍යුත් පද්ධතීන් දෙවන වළල්ලට සම්බන්ධ කරනු ලැබිනි.  නාසා ආයතනය පවසා ඇත්තේ වැදගත් නොවන ඇතැම් පද්ධතීන් ක‍්‍රියා විරහිත කළ බවයි.

කපාටයේ දෝෂය කෙසේ හටගත්තේද යන්න පිළිබඳවද කාර්යමණ්ඩලය විසින් කරුණු සොයා බලා තිබේ.

මෙම කපාටය පිළිසකර කිරීම සඳහා අභ්‍යවකාශගාමීන් දෙදෙනෙකු සෙනසුරාදා දිනයේදී මධ්‍යස්ථානයෙන් ඉවතට ගමන් කරනු ඇති අතර දෙවන හා තෙවන ගමන්වාරයන් සඳුදා සහ බදාදා දිනයේදී සිදුකිරීමට සැලසුම් කර ඇත.
මේ අතර කක්ෂ විද්‍යා ආයතනයේ සිග්නස් නම් භාණ්ඩ ප‍්‍රවාහන යානාව මේ මසදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා අභ්‍යවකාශගත කිරීමට සැලසුම් කර තිබූ අතර එය ජනවාරි මස දක්වා කල් දැමීමටද නාසා බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

නාසා ආයතනය පවසන්නේ කාර්මික දෝෂය මගින් එහි කාර්යමණ්ඩලය හෝ මධ්‍යස්ථානය කිසිම අනතුරුදායක තත්වයකට මුහුණදී නොමැති බවයි.
මින් පෙර පසුගිය මැයි මසදී සහ 2012 නොවැම්බර් මසදීද සිසිලන පද්ධතියේ දෝෂ හටගත් අතර ඒවා මධ්‍යස්ථානයෙන් පිටතට ගමන් කළ අභ්‍යවකාශගාමීන් විසින් පිළිසකර කරනු ලැබිණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week