-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත්‍රයා වන මාලක සිල්වාට ඊයේ (29 වැනිදා) සවස 4.15 ට පමණ කොළඹ පුරහල ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි වෙළෙඳසලකදී එල්ල වූ ප්‍රහාරයක්‌ හේතුවෙන් දැඩි ලෙස තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

ඇඟලුම් ආයතනයේ පිටුපස රථගාලේදී සිදුවූ බහින්බස්‌වීමක්‌ අතරතුර පුද්ගලයන් දසදෙනකුගෙන් සමන්විත පිරිසක්‌ මාලක සිල්වා මහතා වටකර මෙම පහරදීම සිදුකර ඇත.

මාලක සිල්වා ඇඟලුම් ආයතනයෙන් එළියට පැමිණෙන විට උඹද මාලක කියන්නේ.... ගනුදෙනුවක්‌ තියෙනවා බේරා ගන්න... වරෙන් යන්න.... කියා පහරදුන් පිරිස ඔහුව පැහැරගෙන යැමට උත්සාහ කර තිබේ.

එම අවස්‌ථාවේදී මාලක සිල්වා සහ පිරිස අතර බහින්බස්‌වීමක්‌ ඇති වී තිබේ. පසුව ඔහුව පැහැරගන යැමට පැමිණි පිරිස වතුර බෝතල්වලින්, සපත්තුවලින් හිසට හා මුහුණට දැඩි ලෙස පහරදී ඇත.

පහර දීමට පැමිණි පුද්ගලයන් ඩිෙµන්ඩර් රථයකින් පැමිණ තිබෙන අතර, එම රථය ජනාධිපති ආරක්‍ෂක අංශයට අයත් වාහනයක අංකයකට සමානව ව්‍යාජ ලෙස සකසා තිබී ඇතැයි මූලික පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

මෙම පහරදීමෙන් මාලක සිල්වා මහතාගේ මුහුණට සහ හිසට බරපතල තුවාල සිදුව තිබේ.

මේ හේතුවෙන් ඊයේ පස්‌වරුවේම ඔහුව විශේෂ ස්‌කෑන් පරීක්‍ෂණයකට භාජන කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දැඩිසත්කාර ඒකකය වෙත යොමු කර තිබිණි.

මෙම පහරදීම සිදුවන අවස්‌ථාවේ එම ඇඟලුම් ආයතනයේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියේ අදාළ සිදුවීම සටහන්ව ඇති බැවින් ඒ ඔස්‌සේ පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කළ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා පැවසීය.

ජීප් රථයක නැගී පැමිණි දසදෙනකු පමණ එක්‌වී මාලක සිල්වාට මෙලෙස පහර දෙන විට ඔහුගේ පෙම්වතියද ළඟ සිට ඇත. මෙම පහරදීමෙන් ඇයට තුවාල සිදුවී නැතැයි පරීක්‍ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි. පහරදීම සිදු කළ පිරිස පළාගොස්‌ ඇත.

පහරදුන් පිරිස එම මෝටර් රථ අංගනයේ ආරක්‍ෂක නිලධාරියකු සතුව තිබූ බෝතලයක්‌ද ගෙන මාලක සිල්වාට දිගින් දිගටම පහර දී ඇතැයි ද පොලිසියට තොරතුරු ලැබී ඇත. පළාගිය පිරිස කවුරුන්ද යන්න මෙතෙක්‌ සොයාගෙන නොතිබිණි.

මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය සහ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos