මැදවච්චිය ජාතික පාසලේ සිට කරපික්කඩ ප‍්‍රදේශය දක්වා කුඩා පාසල් සිසුන් විසිදෙදෙනකු පටවාගෙන ගිය ත‍්‍රිරෝද රියැදුරකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අනුරාධපුර කොට්ඨාස රථවාහන පොලිසිය කියයි.
මෙලෙෂ සිසුන් පිරිස ප‍්‍රවාහනය කරමින් සිටිය දී මැදවච්චිය නගරයේ දී මෙම රියැදුරු පොලීසියට හසුවී ඇත.
කුඩා පාසල් සිසුන් පිරිසක් අනාරක්‍ෂිත අයුරින් ත‍්‍රිරෝද රථයක ප‍්‍රවාහනය කරනු දැක කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් එම ත‍්‍රීරෝද රථය නවත්වා පරීක්‍ෂා කිරීමේ දී එහි සිසුන් විසි දෙදෙනකු හිරවී සිටින අයුරු දැකගත හැකිවී තිබිණ.