-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජාතික සංවර්ධන බැංකුවේ (එන්. ඩී. බී.) පවත්වාගෙන ගිය ගිණුම් දෙකක තොරතුරු වසර තුනක්‌ හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව ඊයේ (29 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ වෙන වෙනම නඩු තුනක්‌ පවරනු ලැබුවේය.

වත්කම් බැරකම් ප්‍රකාශන පනත යටතේ නඩු පවරමින් අල්ලස්‌ කොමිසම කළ ඉල්ලීමක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් කොළඹ 08, ලේක්‌ ඩ්‍රයිව්හි පදිංචි උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට ලබන සැප්තැම්බර් 16 දා චෝදනා කියවා දීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කරන්නැයි ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව අල්ලස්‌ කොමිසම මගින් නඩු තුනක්‌ පවරනු ලැබුයේ සිය බැංකු ගිණුම් දෙකක 2010, 2011 හා 2012 වසරවලදී තොරතුරු හෙළි නොකිරීමේ 1975 අංක 1 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශනය කිරීමේ පනතේ 9(අ) වගන්තිය යටතේය.

වත්කම් බැරකම් ප්‍රකාශන කිරීමේ පනතට අදාළ තැනැත්තියක වන ශිරාණි බණ්‌ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය 2010, 2011 හා 2012 යන වසරවල ජුනි මස 09 දින ඉදිරිපත් කර තිබූ වත්කම් බැරකම් ප්‍රකාශනයන්හි එම වසරවල මාර්තු 31 වැනි දිනට තමන් සතුව පැවැති මෙම බැංකු ගිණුම් දෙක සම්බන්ධයෙන් සඳහන් කිරීමක්‌ කර නැත. ජාතික සංවර්ධන බැංකුවේ කොළඹ 07, ධර්මපාල මාවතේ පිහිටි ශාඛාවේ පවතින ජංගම ගිණුම් දෙකක්‌ ලෙස ඇය මෙම බැංකු ගිණුම් දෙක පවත්වා ගෙන ගොස්‌ ඇති අතර ඒ පිළිබඳව වත්කම් බැරකම් ප්‍රකාශනයේ (ආ) කොටසේ 4 වැනි ඡේදයේ සඳහන් කිරීම හිටපු අගවිනිසුරුවරිය ඕනෑකමින් අත්හරිනු ලැබීමෙන් වරදක්‌ කර ඇති බවට චෝදනාවල සඳහන් වේ.

බැංකු ගිණුම් දෙක සඳහා චෝදනා දෙක බැගින් වසර තුනට වෙන් වශයෙන් මෙහිදී හිටපු අගවිනිසුරුවරියට එරෙහිව නඩු පවරනු ලැබූ අතර අල්ලස්‌ පනතේ 11 වගන්තිය ප්‍රකාරව එම කොමිසම මගින් කරන ලද විධානය මත එහි අධ්‍යක්‍ෂ ජෙනරාල් ලක්‍ෂ්මී ජයවික්‍රම මහත්මිය විසින් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ 13(1) වගන්තිය යටතේ අල්ලස්‌ කොමිසම ඊයේ (29 දා) අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලදි.

ජනාධිපති ලේකම්, අගවිනිසුරු ලේකම්, බැංකු ශාඛාවේ කළමනාකරු හා මෙහෙයුම් නිලධාරිවරයා ඇතුළු හත්දෙනකු මෙහි සාක්‍ෂිකරුවන් ලෙස නම් කර ඇති අතර නඩු භාණ්‌ඩ හයක්‌ (06 ක්‌) නම් කර තිබිණි.

ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිsළපිටිය මහතා වෙත නඩු ගොනු ඉදිරිපත් කරමින් කරුණු දැක්‌වූ එහි විමර්ශන නිලධාරීන් හිටපු අගවිනිසුරුවරියට එරෙහිව පවරනු ලැබූ නඩුවල සඳහන් චෝදනා කියවා දීමට ඇයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් සැප්තැම්බර් මාසයේ දිනක්‌ ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

සැප්තැම්බර් මාසයේ දිනයක්‌ ඉල්ලා සිටීමේ විශේෂත්වයක්‌ තිබේදැයි සිනාමුසු මුහුණින් ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා කළ විමසීමට පිළිතුරු දුන් අල්ලස්‌ කොමිසමේ විමර්ශන නිලධාරීහු එවැනි විශේෂත්වයක්‌ නොමැති බව කියා සිටියහ.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ පිළපිටිය මහතා හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ලබන සැප්තැම්බර් 16 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් නඩු තුන එදිනට යළි කැඳවන ලෙසත් නියෝග කළේය.

අල්ලස්‌ කොමිසම වෙනුවෙන් විමර්ශන නිලධාරීන් වන පොලිස්‌ සැරයන්වරුන් වන ජී. චන්ද්‍රසිරි, රංජිත් බණ්‌ඩාර, උප පොලිස්‌ පරීක්‍ෂක කේ. කේ. ප්‍රේමසිරි යන මහත්වරු පෙනී සිටියහ. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos