රූපවාහිනී නාලිකා වලට සංඛ්‍යාත වෙන් කර දීමෙන් 2006 වසරේ සිට පසුගිය ජූනි මස 30 වෙනිදා දක්වා කාලය තුළ විදුලි සංදේශ නියාමන කොමිසම රුපියල් දස කෝටි අනූ එක් ලක්ෂ විසිදෙදාහක පමණ ආදායමක් උපයාගෙන ඇතැයි සභානායක ඇමති නිමල් සිරිපාල ද සිල්ව මහතා පැවසීය.
රූපවාහිනී නාලිකාවට වෙන් කර ඇතැම් සංඛ්‍යාත ඉවත් කරගෙන ඒවා නැවත නව හෝ පැරණි රුපවාහිනී නාලිකා වෙත ලබාදී ඇති බව ඇමතිි සිල්ව මහතා ප‍්‍රකාශ කළේය.
අදාළ කාල පරිච්ජේදය තුල කිසිම විදුලිි සංඛ්‍යාතයක් ඉවත් කිරීමටද කොමිෂන් සභාව ක‍්‍රියා කර නැතැයි ඇමතිවරයා සදහන් කළේය.