අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි දැරියක් අතවරයට පත්කර ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර පොලිසිය විසින් සැකපිට මාතර පදිංචි 22 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දැරියගේ පියාගෙන් වන කරදර හිරිහැර ඉවසා ගැනීමට නොහැකි නිසා නිවසින් පිටව තම පෙම්වතා සොයා මාතරට පැමිණ ඇති බවත් එහිදී ඇය ඔහුගේ නිවසට ගොස් ඇති අතර නිවසේදී අතවරයට පත්ව ඇති බවත් හෙළිවී ඇත.
මාතර පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.