-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

උතුරේ දරුණු විදියට පවතින කුලවාදය නිසා දරුවන් හා කාන්තාවන් අසීමිතව පීඩාවට පත්වී සිටින බවත් මේ පිළිබඳව උතුරේ කිසිම දේශපාලන-ඥයෙක්‌ කතා නොකර ගොළුවන් බිහිරන්සේ බලා සිටිනවා යෑයි කාන්තා කටයුතු හා ළමා සංවර්ධන ඇමැති තිස්‌ස කරල්ලියද්ද මහතා පැවැසීය.

තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති වනිතා සංගම්වල සාමාජිකයන්ගේ හමුවකදී ඇමැතිවරයා එසේ පැවසීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍ය තිස්‌ස කරල්ලියද්ද මහතා මෙසේද කීවේය.

උතුරේ පවතින කාන්තා හිංසනය ගැන ජාත්‍යන්තර ස්‌වෙච්ඡා සංවිධානයකින්වත් පෙන්නුම් කරන්නේ නැහැ. උතුරේ ඉන්න දේශපාලනඥයන් මේවා ගැන කතා කරන්න බයයි. දේශපාලන වශයෙන් මේ අයට අවාසි වෙයි කියලා මේවා ගැන ඇත්ත කතා කරද්දී මාධ්‍යයෙන් අපටත් ගහනවා. නමුත් මෙහි ඇත්ත තත්ත්වය මා ඇස්‌ දෙකෙන් දැක්‌කා.

මා කිළිනොච්චියේ පෙර පාසලක්‌ හදලා එය විවෘත කිරීමට පෙර නිරීක්‍ෂණ චාරිකාවක්‌ ගියා. මා එහි යද්දී පෙර පාසලේ ඩෙස්‌, පුටු තිබුණේ නැති නිසා ඒවා ගැන විමසද්දී එහි නිලධාරියා කියනවා උන්ට ඩෙස්‌, පුටු අවශ්‍ය නැහැ උන් බිම ඉඳගනියි කියලා. පස්‌සේ මා සොයා බලද්දී මේ නිලධාරියා ඉහළ කුලයක, ගමේ ළමයි පහළ කුලවල. මේ නිලධාරියාට මම කීවා මෙම පෙර පාසල විවෘත කිරීමට පෙර වහාම එම ඩෙස්‌, පුටු ගෙනවිත් තියන්න කියලා. ඉන්පසුවයි මා එය විවෘත කළේ.

වයස අවුරුදු 13 ක දැරියක්‌ දූෂණයට ලක්‌වෙලා තිබුණා. ඒක පොලිසියෙන් යට ගහලා තිබුණා. කුල ප්‍රශ්නය නිසා. මේ වගේ හේතු තියාගෙන තමයි උතුරේ දේශපාලනඥයන් ආණ්‌ඩුවට ඇඟිලි දික්‌කරන්නේ. උතුරේ මහ ඇමැති විග්නේශ්වරන් මහතා සමග යාපනයේ එස්‌.ඕ.එස්‌. ගම්මානයක්‌ විවෘත කරන්න ගියා. එහිදී මහ ඇමැති ළමා සමාජයට කතා කළේ වෛරී සිතුවිලි ඇතිවන ආකාරයටයි. නිවෙන්න නිවෙන්න ගින්න අවුස්‌සන්න තමයි උතුරේ දේශපාලනඥයන් බලන්නේ. පොලිසියේ හමුදාවේ අයට අභූත චෝදනා කරන්නේ ඒ නිසයි. ඔය හැම තැනකම වැරදි වැඩ කරන එකෙක්‌ දෙන්නෙක්‌ ඉන්නවා. දේශපාලනඥයොත්a ඉන්නවා. ඒ නිසයි ඒ සුළු වැරදි අල්ලාගෙන අපට ජාත්‍යන්තර මට්‌ටමේ පරීක්‍ෂණවලට අනුබල දෙන්නේ.

මෙම අවස්‌ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම් මදුෂ ඉලංගසේකර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්‌ද සහභාගී වූහ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos