පෙම්වතකු සැදෑ සාදයකට සහභාගි වීමට යැයි පවසමින් තම පෙම්වතිය මිතුරකුගේ නිවෙසට රැගෙන ගොස් පෙම්වතාත්, පෙම්වතාගේ මිතුරාත් එකතුව ඇය බලහත්කාරයෙන් දූෂණය කළ බව 15 හැවිරිදි පාසල් සිසුවියක අඟුණුකොළපැලැස්ස පොලිසියට පැමිණිලි කොට තිබේ.
මෙම සිද්ධිය පෙරේදා (17දා) සවස පහට පමණ සිදුවී ඇත.
පොලිසියට ලැබුණු පැමිණිල්ලට අනුව විමර්ශනය කළ අගුණුකොළපැලැස්ස පොලිසිය තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඔවුන් අද (19දා) දින තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.