ඇමරිකාව විසින් ඉරාන බොර තෙල් මිලදී ගැනීමට එරෙහිව පනවා තිබූ සම්බාධක ඉවත් කිරීම නිසා ඉදිරියේදී මෙරට ඉන්ධන මිල පහත වැටීමක් සිදු වනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති පවසයි.
මෙතෙක් වැඩි මිලට සිංගප්පූරුව ඇතුළු විවිධ රටවල් වලින් පිරිපහදු කළ තෙල් ආනයන කිරීම වෙනුවට නැවතත් ඉරානයෙන් බොර තෙල් ආනයනය කිරීමට ශ්රී ලංකාවට අවස්ථාව ලැබෙන බව ඛනිජ තෙල් සංස්ථාවේ පොදු සේවක සංගමයේ සභාපතිල ආනන්ද පාලිත මහතා සඳහන් කරයි. එමගින් ලැබෙන වාසිය අනිවාර්යයෙන්ම මහජනතාව වෙත ලබාදිය යුතු බවද ඔහු ප්රකාශ කරයි.
කෙසේ වෙතත් ඉරානයෙන් බොර තෙල් ආනයනය කිරීමට යළි අවස්ථාව උදාවීම ඉන්ධන මිල පහත දැමිය හැකි බවට පල වන අනාවැකියක් විය හැකි බවත් ඒ සඳහා සැළකිය යුතු කාලයක් ගත වනු ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජේ්යෂ්ඨ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී සඳහන් කලේය.