බීමතින් පැමිණ නිවසක් ගිනි තැබූ කාන්තාවක් දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ දංකොටුව - තාමරකුලිය ප්රදේශයේ ගඩොල් කර්මාන්ත ශාලාවකට අයත් කම්කරු නිවාසයක් ඇය මෙලෙස ඊයේ (02) රාත්රියේ දී ගිනි තබා ඇති බවයි. එහි ඇය පදිංචිව සිට ඇති බව ද සඳහන්. අදාළ කර්මාන්ත ශාලාවේ මෙම කාන්තාව සේවය කරන අතර, එහි හිමිකරු සමඟ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඇය මෙම ගිනි තැබීම සිදුකර ඇති බව ද පොලීසිය සඳහන් කළා.
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media