රිය අනතුරු වැළැක්වීමට ජනාධිපති කාර්යය සාධක බළකායක් පිහිටුවීමෙන් පලක් නැති බවත් කළ යුත්තේ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් රියදුරු බලපත‍්‍ර ලබාදීමේ ක‍්‍රමයේ වෙනසක් කිරීම බවත් ලංකා රාජ්‍ය රියදුරු සංගමය සදහන් කරයි.
එම සංගමයේ ප‍්‍රධාන ලේකම් අරුණ කුමාර මහතා සදහන් කළේ මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් රිය බලපත‍්‍රයක් ලබාදීමේදී සිදුකරනු ලබන්නේ ප‍්‍රශ්න කිහිපයක විභාගයක් පවත්වා වාහන දෙක තුනක් එහාට මෙහාට කිරීමට හැකිදැයි සොයා බැලීම පමණක් බවයි.
එසේ ලබාදෙන රිය බලපත‍්‍රය මගින් රථයක් ධාවනය කිරීමට හැකි වුවත් එම පුද්ගලයාට වාහන තදබදය අවම කරමින්, රිය අනතුරු වළක්වා ගනිමින් සංයමයකින් යුතුව රථයක් ධාවනය කළ හැකිදැයි ප‍්‍රශ්නයක් පවතින බවද ඔහු පෙන්වා දෙයි.
එබැවින් අනිවාර්යෙන්ම රියදුරු බලපත‍්‍රයක් ලබාදෙන සෑම කෙනෙකුටම දෙවෙනි අදියරේදී මගීන් හෝ යම් බරක් පැටවූ වාහනයක් ධාවනය කරවා ඒ පිළිබදවද පුහුණුවක් ලබාදිය යුතු බවද එම සංගමය පෙන්වා දෙයි.
මෙසේ දෙවැනි පුහුණුවක් ලබාදෙනවා නම් ඉන්ධන වියදම 25%කින් අඩුකරගෙන නඩත්තුව 50%කින් අඩුකරගෙන සහ රිය අනතුරු 99%කින් අඩුකර ගත හැකිවන බවද ඔහු පැවසීය.






