-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉදිරියේදී චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කර නිධන් හොරු අල්ලා ගන්නා බව ජාතික උරුමයන් පිළිබද ඇමති ජගත් බාලසූරිය මහතා පවසයි.
2014 පුරාවිද්‍යා සතියේ සමාරම්භක දින උළෙල ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැති අවස්ථාවේදී අමාත්‍යවරයා මේ අදහස් පළකළේය.
නිධන් හොරුන්ට අතීතයේ මෙන් නීතියෙන් ගැලවී සිටීමට දැන් නොහැකි බවත්, නවීන චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කොට ගනිමින් පුරාවිද්‍යා භූමි වලට සිදුවන බලපෑම් හා පුරාවිද්‍යා භූමි වල සිදුකෙරෙන අනවසර ඉදිකිරීම් වැටලීමට මේ වනවිට හැකියාව පවතින බවත්  යයිද ඒ මහතා පැවැසීය.
ඒ මහතා එහිදී මෙසේද කීය.
‘ශ‍්‍රී ලංකාව කියන්නේ පුරා විද්‍යා ස්ථාන බහුල වශයෙන් පවතින රටක්. නූතන චන්ද්‍රිකා තාක්ෂණය අපේ පුරාවි්‍යා උරුමය වෙනුවෙන් යොදා ගැනීමට හැකි වීම අප ලැබූ භාග්‍යයක්. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය මෙවැනි කර්තව්‍යකට අතහිත දීම අපි අගය කළ යුතුයි.
අපි පුරාවිද්‍යා විෂය සාම්ප‍්‍රදායානුකූල විෂයක් හැටියට පමණක් නෙවෙයි භාවිතා කරන්නේ. මෙය රටේ ආර්ථික සංවර්ධනයටත් භාවිත කිරීම වැදගත්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සාම්ප‍්‍රදායානුකූල සංකල්පය ගෙන යමින් රටේ ආර්ථිකයට බලපාන සංචාරක කර්මාන්තය පුළුල් කිරීමක් මේ හරහා කළ යුතුයි’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos