මුළු සිරුරම වැසෙන පරිදි ඇඳ සිටින කළු බුර්කාව සහ නිකාබ් එක පැළඳ සිටින කාන්තවන් කෙරෙහි සමාජයේ ඇති බිය තුරන් කිරීම උදෙසා පාට පාට බුර්කා හඳුන්වා දීමට ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. කළු පැහැති බුර්කාව හඬ සිටින විට ඔවුන් වෙනම හමුදාවක් සේ මිනිසුන්ට පෙනෙන බැවින් ඔවුන් කෙරෙහි ඇති බිය තුරන් කිරීම උදෙසා "පාට පාට බුර්කා" ව්‍යාපාරය දියත්කොට ඇත. ඒ අනුව එම ව්‍යාපාරය නම් කොට ඇත්තේ "ඔබේ කළු අබයා (බුර්කාව) අපිට ගෙනත් දෙන්න - අපි දෙන්නම් පාට බුර්කාවක්" යනුවෙනි. මේ සම්බන්ධව ඕල් සිලෝන් ජමියියාතුල් උලමා සංවිධානයේ උපදේශකයෙකු අප වෙත අදහස් පලකොට සිටියේ මෙලෙසිනි. "හැමෝම කළු ඇඳගෙන ඉන්නකොට පිට ඇයට පෙන්නේ අපි එකතුවුනු හමුදාවක් වගේ..නිකාබ් එකෙනුත් ගොඩක් ආරක්ෂක ප්‍රශ්න තියෙනවා..ඒ හින්දා මේ තීරණය ගත්තා..."
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media






