ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා තම බාල දියණිය වන 12 හැවිරිදි සාෂාට ෆේස් බුක් පරිහරණය සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.
එලෙස තම දියණිය ෆේස් බුක් වෙබ් අඩවියෙන් ඈත් කර තබන්න හේතුව සම්බන්ධයෙන් ජනාධිපති යුවළ ්ඊක් රූපවාහිනී නාළිකාව සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින් මෙලෙස අදහස් පල කලේය.
‘ෆේස් බුක් කියන්නේ තරුණ අයට යෝග්‍ය දෙයක් කියලා මම තවමත් විශ්වාස කරන්නේ නැහැ.මොකද එහිදී සමාජයේ අවධානය වැඩිපුර ඔවුන් වෙත යොමු වෙනවා.ඔවුන් නොදැකිය යුතු සහ ඔවුන් සහභාගී නොවිය යුතු ඇතැම් වල්පල් පවා ෆේස් බුක් වල තියෙනවා.ඒ නිසා ඔවුන් ඒ විදිහට වුවමනාවට වඩා සමාජය වෙත නිරාවරණය වෙමින් ආරක්ෂා කිරීමට අප උත්සාහ කළ යුතුයි’