බුලත්සිංහල, ගොවින්න ප්‍රදේශයේදී ගෙලට තියුණු ආයුධයකින් පහරදී කාන්තාවකගේ ගෙල රැඳී රන් මාලය කොල්ලකෑමට උත්සහ කිරීම හේතුවෙන් එම කාන්තාව බරපතල තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකාර කොල්ලකරුද පොලිස් ආරක්ෂාව යටතේ එම රෝහලටම ඇතුලත් කර ඇත.
කොල්ලකරු තියුණු ආයුධයකින් කාන්තාවගේ ගෙලට පහර දීම හේතුවෙන් එම කාන්තාව බරපතල තුවාල ලබා ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව කොල්ලකරු අල්ලා පහර දී පොලිසියට භාර දී තිබේ. පහර කැමට ලක්ව සැකකරු තුවාල ලැබීම හේතුවෙන් ඔහුද රෝහල් ගතකර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
සැකකාර පුද්ගලයා 26 හැවිරිදි බැල්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි