සිය නිවෙසේ තනිව විසූ අවුරුදු 65ක් වයසැති කාන්තාවක් නිදා සිටියදී අම්බලන්තොට කරුවලගස්වැව තැලවිල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයකු විසින් තමාට දෙවරක් අතවර කරනු ලැබූ බවට එම කාන්තාව අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර තිබේ.
පසුගිය 1 වැනිදා මෙසේ අතවරයට ලක්වූ කාන්තාව අම්බලන්තොට කළුවරගස්වැව බොල්හිඳ ප්‍රදේශයේ පාළුවට ගිය නිවෙසේ කොළ අතුවල බිම නිදාගෙන සිටින විට සැකකරු පැමිණ මේ කාන්තාව අවස්ථා දෙකකදී දූෂණය කර තිබේ.සැකකරු අම්බලන්තොට පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.