-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලක්‌ෂ 15ක කොන්ත්‍රාත්තුවක්‌ දීඅනියම් සැමියා එලොව යෑවූ
කෝටිපතිනිය අත්අඩංගුවට


කෝටිපති කාන්තාවක්‌ සංවිධානාත්මක කල්ලියකට රුපියල් ලක්‍ෂ 15ක්‌ ලබා දී තම අනියම් සැමියා මරා දමා කැලණි ගඟේ ගිල්ලවා දැමූ පසු ලැබුණු තොරතුරු මත එම කාන්තාව සහ කොන්ත්‍රාත් කණ්‌ඩායම කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් පෙරේදා (07 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
මුදල් ඉල්ලා දිගින් දිගටම කරදර කිරීම නිසා දැඩි ලෙස කෝපයට පත්ව ඇති මෙම කෝටිපති කාන්තාව සිය අනියම් සැමියා ඝාතනය කිරීමට මෙම කොන්ත්‍රාත්තුව කඩුවෙල ප්‍රදේශයේ සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ වෙත භාරදී ඇති බවද අනාවරණය විය.

කොන්ත්‍රාත්තුව ලබාගත් සංවිධානාත්මක කණ්‌ඩායම මෙම ඝාතනය සිදුකර ඇත්තේ ඉකුත් ජූලි මස 21 වැනිදාය.

මෙහිදී ඝාතනයට ලක්‌ වූයේ පොලිස්‌ පරීක්‍ෂකවරයකුව සිට සේවයෙන් පහ කරනු ලැබූ රොහාන් තුසිත කුමාරසිංහ නමැති අවිවාහකයෙකි.

පොලිස්‌පති සහන මැදිරිය වෙත ලැබී තිබූ පැමිණිල්ලකට අනුව පරීක්‍ෂණ පැවැත්වූ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් අනියම් සැමියා ඝාතනයට කොන්ත්‍රාත්තුව ලබාදුන් කෝටිපති කාන්තාව සහ ඝාතනය සිදු කළ සංවිධානාත්මක කණ්‌ඩායමේ තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

අක්‌කර සිය ගණන් විශාල ඉඩම් කීපයක හිමිකාරිය වූ කෝටිපති ව්‍යාපාරික කාන්තාව කොළඹ රොස්‌මිඩ් පෙදෙසේ පදිංචිකාරියකි. සිවුදරු මවක වන ඇය රොහාන් තුසිත කුමාරසිංහ දැන හඳුනාගෙන ඇත්තේ මීට වසර කීපයකට උඩදීය.

පසුව ඇය ඔහු සමග අනියම් සම්බන්ධතාවක්‌ ගොඩනගාගෙන තිබිණි. කලක්‌ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ ද සේවය කර තිබූ රොහාන් අවසන් වරට රාජකාරි කර ඇත්තේ නුවරඑළිය පොලිසියේය. ඒ ඉකුත් 2011 වර්ෂයේ අගෝස්‌තු මස 14 වැනිදාය.

සේවයට වාර්තා නොකිරීම නිසා මොහු වැඩ තහනමට ලක්‌ කර තිබිණි. පොලිස්‌ සේවයෙන් ඉවත් කළ පසු රොහාන් සිය අනියම් බිරිඳගේ මුදල්වලින් ජීවත්වීමට පටන්ගෙන ඇත.

කොළඹ නගරයේ සුපිරි තට්‌ටු නිවාසයක පදිංචිව සිටි රොහාන් අනියම් බිරිඳගෙන් ලබාගන්නා මුදල්වලින් සුඛෝපභෝගී ජීවිතයක්‌ ගත කර තිබේ.

කාලයක්‌ ඇසුරු කරද්දී රොහාන් මහා හිසරදයක්‌ බවට පත්වීම නිසා කෝටිපති කාන්තාව ඔහුගෙන් ඉවත් වීමට උත්සාහ කර ඇත. එහෙත් රොහාන්ගෙන් ඇයට ගැලවීමක්‌ ලැබී නැත.

තම වියදමට දිගින් දිගටම විශාල වශයෙන් මුදල් ඉල්ලා සිටීම නිසා රොහාන් සහ කෝටිපති කාන්තාව අතර නිතර නිතර ආරවුල් හටගෙන තිබේ.

කෝටිපති කාන්තාව සිය අනියම් සැමියා ඝාතනය කිරීම සඳහා සැලසුම් කර ඇත්තේ ඒ අතරතුරදීය.

අනියම් සැමියා ඝාතනය කිරීම සඳහා සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ සෙවීමේ කාර්ය ඇය භාරදී ඇත්තේ ඇගේ රියෑදුරුටය.

රියෑදුරු කඩුවෙල ප්‍රදේශයේ සංවිධානාත්මක පිරිසකට මෙම ඝාතන කොන්ත්‍රාත්තුව භාරදී තිබිණි. එම සංවිධානාත්මක කණ්‌ඩායම ලීසිං මුදල් නොගෙවන වාහන පැහැර ගැනීම වෘත්තිය ලෙස කරගෙන ගිය පිරිසකි.

සිය අනියම් සැමියා ඝාතනය කිරීමට කෝටිපති කාන්තාව එම පිරිසට රුපියල් පහළොස්‌ ලක්‍ෂයක කොන්ත්‍රාත් මුදලක්‌ ලබාදී තිබේ.

ඒ අනුව ඉකුත් ජූලි මස 21 වැනිදා පැලවත්ත ප්‍රදේශයේදී රොහාන් පැහැරගත් සංවිධානාත්මක පිරිස ඔහු කිතුල්ගල ප්‍රදේශයට රැගෙන ගොස්‌ ඇත.

රොහාන් කොණ්‌ඩය කැපීම සඳහා පැලවත්තට ගිය අවස්‌ථාවේ මෙසේ පැහැර ගැනීමට ලක්‌ විය. කිතුල්ගල ප්‍රදේශයට රොහාන් රැගෙන ගිය සංවිධානාත්මක පිරිස කඹයකින් ගෙල සිරකර ඔහු මරා දමා සිරුරේ ගලක්‌ ගැටගසා එය කැලණි ගඟේ ගිල්වා පලා ගොස්‌ තිබේ.

ඝාතනයට ලක්‌ වූ රොහාන්ගේ මළ සිරුර කිතුල්ගල පොලිසිය මගින් සොයා ගත්තේ ජුලි මාසයේ 28 වැනිදාය. ඒ වන විට දැඩි ලෙස කුණු වී විනාශ වී තිබූ සිරුර හඳුනා ගැනීම සඳහා කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරය වෙත බාර දී තිබිණි.

මෙම සිරුර කිසිවකු හඳුනා නොගැනීම නිසා එය සොයාගෙන මාස 3 ක්‌ ගෙවී ගිය පසු රජයේ වියදමින් කෑගල්ල සුසාන භූමියේදී වළ දමා තිබේ.

මේ අතර තම අනියම් සැමියා අතුරුදන් වූ බවට කෝටිපති කාන්තාව විසින් තලංගම පොලිසියේ පැමිණිල්ලක්‌ ද කර තිබේ. එම පැමිණිල්ල කර ටික දිනකට පසු එම කාන්තාව විසින් ම තවත් පැමිණිල්ලක්‌ කරමින් කියා සිටියේ තම අනියම් සැමියා සැඟ වී සිටින බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය විමර්ශනයක්‌ කළ ද රොහාන් පිළිබඳව කිසිදු හෝඩුවාවක්‌ සොයා ගැනීමට නොහැකි විය.

මේ අතර තම සොහොයුරා අභිරහස්‌ අන්දමින් ඝාතනය කර ඇති බවත්, ඊට ඔහුගේ අනියම් බිරිඳ වන කෝටිපති කාන්තාව වගකිව යුතු බවත් කියමින් රොහාන්ගේ සොහොයුරා පොලිස්‌පති සහන මැදිරිය වෙත පැමිණිල්ලක්‌ කළේ මීට සති කීපයකට උඩදීය.

ඒ අනුව බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, කොළඹ නියෝජ්‍ය පොලිස්‌පති දයා ගුණවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත මෙම සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමට කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත භාර දී ඇත.

අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ආර්. එල්. රණවීර, සහකාර පොලිස්‌ අධිකාරි නුවන් වෙදිසිංහ මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ ආරම්භ කළ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නෙවිල් සිල්වා, පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන ප්‍රේමතිලක, කළුආරච්චි, සැරයන් යසරත්න ඇතුළු නිලධාරීන් මෙම කෝටිපති කාන්තාවගේ රියෑදුරු මුලින්ම අත්අඩංගුවට ගෙන තිබිණි.

තලංගම පොලිසිය මගින් ද එම රියෑදුරු මීට ඉහතදී අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර පසුව ඔහු ඇප මත මුදා හැර තිබිණි. රියෑදුරු අත්අඩංගුවට ගෙන තිබුණේ මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් ය. එහෙත් රොහාන්ගේ අතුරුදන්වීම පිළිබඳව තලංගම පොලිසියට තොරතුරු සොයා ගැනීමට නොහැකි විය.

කෝටිපති කාන්තාවගේ රියෑදුරු කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙම අබිරහස්‌ ඝාතනයේ සුලමුල හෙළිවිය.

ඒ අනුව රොහාන් ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුව ලබාගත් කඩුවෙල පදිංචිකරුවෝ දෙදෙනෙක්‌ අත්අඩංගුවට ගනු ලැබූහ. පසුව මෙම ඝාතනය සඳහා රුපියල් පහළොස්‌ ලක්‍ෂයක කොන්ත්‍රාත්තුව ලබා දුන් කෝටිපති කාන්තාව ද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අපරාධ කොට්‌ඨාසයේ රඳවා ගෙන ප්‍රශ්න කරගෙන යන අතර තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week